Chapter 8 🐺

723 181 11
                                    

Soo Yun : "කට්ටිය පොඩ්ඩකට උඩට එන්නකො. පෙන්නන්න දෙයක් තියනව. ඉක්මනට එන්න."

Ari : "ඒ පාර මොකෝ?"

Soo Yun : "එන්නකො ඉක්මනට"

Anne : "දැන් කියහන් ඔතන වලහෙක් හිටගෙන ඉන්නව කියල ගොන් අලේ."

Soo Yun : "එනවකො ඕයි"

Lisa : "හරි හරි මේ එනව"

සෝගෙ වදේ නිසා අනිත් තුනත් උඩට ගියා. සෝ එදා රෑ වගේ ජනේලෙ ගාව හිටියෙ.

Soo Yun : "ම්..මේ බලන්නකො.."

Ari : "මොකක්ද ඔය"

Lisa : "මේ වගේ එකක් නේද වුල්ෆිගෙ ඇඟේ තිබ්බෙත්?"

Anne : "ඔව්.. හොඳ වෙලාවට ඔයා නැගිට්ටෙ සෝ. නැත්තං උන් මේකත් වුල්ෆිට විදින්න තිබ්බ."

Soo Yun : "මේක විතරක් නෙවෙයි තව තියෙන්න ඇති. දැන් කෝ වුල්ෆි? මට එයාව බලන්නත් බැරි උනා."

Ari : "එයා නං ඉන්නව. තාම නැගිටින්න බෑ වගේ.."

Lisa : "ඒ විස ගොඩක් තදින් බලපාල. කොහොමත් මෙයා බෙහෙත් වලට react කරනව වැඩියි."

Soo Yun : "ඔව් ඒක පැහැදිලියි. ඒත් ඇයි?"

Lisa : "මීට කලින් ගොඩක් බෙහෙත් ශරීර ගත කරල වෙන්න පුළුවන්."

Anne : "ඒත් එතකොට වෙන්නෙ ඒ බේත් වලට පුරුදු වෙන එක නෙ!"

Lisa : "ඔව්. කලාතුරකින් මෙහෙම වෙන්න බැරි නෑ.."

Soo Yun : "එක දෙයක් පැහැදිලියි. වුල්ෆි ගැන දන්නෙ අපියි BTSලයි විතරක් නෙවෙයි කියන එක."

Ari : "කවුද ඒ third party එක!?"

Soo Yun : "අපියි මෙතන third party එක. මේක කරපු උන් තමයි first party එක. උන් මොනවත් කරන්න කලින් අපි වුල්ෆි ව ඇත්ත තත්වෙට ගන්න ඕනෙ."

Anne : "එතකොට ඔයාට sure ද වුල්ෆි මනුස්සයෙක් කියල?"

Soo Yun : "නැත්තං මෙයා කොහෙන්ද ආවෙ? මේ hybrid සතෙක් නෙවෙයි නෙ."

Lisa : "ඒත් සෝයුන් ඒ වගේ transformation එකක් කරන්න ලොකු කාලයක් ඕනෙ.. ලොකු බලයක් වගේම ගොඩක් පෝසත් කෙනෙක් වෙන්නත් ඕනෙ."

Soo Yun : "එහෙම කෙනෙක් ඉන්න විදිහක් නැද්ද?"

Lisa : "පුලුවන්..."

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now