Chapter 7 🐺

738 178 9
                                    

රෑ නින්ද ගියෙත් නැති නිසා සෝයුන් වෙනදට වඩා කලින් කුස්සියට ගියෙ ලිසාට උදව් කරන්න. (ඔව් ඔව් එයා තමයි අද chef)
ටිකකින් අනිත් දෙන්නත් නැගිටල ආව.

Anne : "කෝ වුල්ෆි.. එයා නෑ නෙ..",

Soo Yun : "මං එද්දි නිදාගෙන හිටියෙ.."

Ari : "ඉන්න මං ගිහින් බලන්නම්."

අරී උඩට ගියා..

Ari : "ලිසා! සෝ! ඈන්! ඉක්මනට එන්නකො අනේ!!!"

අරී කෑගහනව හැමෝටම ඇහුන. අනිත් අයත් ඉක්මනට උඩට දිව්ව.

Anne : "මොකක්ද ප්‍රශ්නෙ.."

Ari : "මොකක්ද මේ?"

අරී පෙන්නුවෙ ටිකක් ලොකු කට්ටක් වගේ එකක්.

Lisa : "කෝ දෙන්න බලන්න."

ලිසා ඒක අරන් හරව හරව බලල සුවඳත් බැලුව.

Lisa : "කොහෙද මේක තිබුණෙ?"

Ari : "වුල්ෆිගෙ බෙල්ලට ඇනිල තිබුණෙ."

Lisa : "මොකක්! සෝ දැන් ම ළඟ ම ඉන්න ASO එකේ doctorව ගෙන්නන්න! ඉක්මනට!!"

Soo Yun : "ඇ..ඇයි ඒ?"

Lisa : "කතා කරන්න වෙලාවක් නෑ ඉක්මනට!"

සෝ ගිහින් doctorට කතා කළා.

Anne : "ලිසා මොකක්ද මේ?"

Lisa : "උග්‍ර විෂක්. වුල්ෆිට ගොඩක් තදින් බලපායි.."

Soo Yun : "දැන් doctor එනව කිව්ව."

Lisa : "ඉක්මන්ට ආවොත් හොඳයි නැත්තං මෙයාගෙ ජීවිතේ අනතුරේ."

ටිකකින් doctor ඇවිත් wolfieව check කළා.

Doctor : "මේක තද විසක්. Mr. Johns කියල තිබුනෙ මට මෙයා බෙහෙත් වලට overreacting කියල. මේ බෙහෙන් දැන් ම අරන් ඇවිත් මෙයාට දෙන්න ඕනෙ. මම ප්‍රතිවිෂක් එන්නත් කළා තව ටිකකින් සිහිය එයි. ඔය බෙහෙත ඉක්මනට ම දෙන්න. මම දැන් යන්න ඕනෙ. සුබ දවසක්!"

Ari : "Thank you doctor. අපි මේක මෙයාට දෙන්නම්."

Anne : "පුදුම දොස්තර කෙනෙක් නෙ හලෝ ඒ!"

Soo Yun : "හා හා නවත්ත ගන්නව ඔය ආඩපාලි කියවිල්ල. දැන් කවුද එන්නෙ මාත් එක්ක මේක ගේන්න යන්න?"

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now