3 Chapter ••

140 49 9
                                    


ඊයේ Flight එකේ නිසා ‍තිබ්බ අමාරු ගතිය එලිවෙද්දි අඩු වෙලා තිබ්බ නිසා වැඩත් ගොඩක් කරන්න තිබ්බ නිසා මම එලාම් එකටත් කලින් නැගිට්ටා...

ඒත් මං ලගින්ම තවත් කෙනෙක් හිටියා... දෙයියනේ මාව ගැස්සුනේ නෑ කිව්වොත් බොරුවක්... මගේ පපුව නතර උනේ නැති ටික විතරයි..... මම ඉක්මනට ඇද ලගම තිබ්බ table lamp එක ඔන් කලා...

" ටේහ්‍යුන් ශී ... "
මට කෑගැස්සුනත් එයා හිටියේ ගැඹුරු නින්දක... මොකක්ද මේ උනේ.. කොහොමද එයා මෙහෙ ... අනික මගේ කාමරේ ... මන් ලගින්ම ඇදේ... හ්හ්... මම අතගාලා බැලුවේ මගේ ඇදුම් තියෙනවද කියලා....

ප්‍රශ්නයක් නෑ මම හොදින්... ඒත් එයා මෙහෙම මගේ කාමරේ නිදාගත්ත එක වැරදියි.... ඊයේ රෑ කට්ටියම ටිකක් වෙරි උන නිසා එයාට කාමරේ මාරු වෙන්න ඇති....

ඒත් PD දැන ගත්තොත් සම්චොන් ටත් කියාවි....
" ටේහ්‍යුන් ශී ... නැගිටින්නකෝ... "

මම පුළුවන් වෙර දාලා එයාව නැගිට්ටෙව්වා... ඒත් එයා විනාඩි කීපයක් මං දිහා එක දිගට බලන් ඉදලා වේගෙන් ඇද උඩ වාඩි උනා....

" සොල්මා... මම... මම මේ කොහෙද... ඔ ඔයා ඇයි මගේ..... ආනී ... මමයි ඔයාගේ කාමරේ ඉන්නේ ... එහෙම නේද.. "
එයා කලබලෙන් වටපිට බලලා කියවන් ගියා....

මමත් කලේ ඔලුව වනලා අනුමත කරපු එක... ඒත් දැන් නම් මාත් බයවෙලා ඉන්නේ...

" දෙයියනේ මට... නින්ද ගියාද... මට කියන්න මම නිදාගනද හිටියේ... "

එයා අහන කිසිම දෙයක් මට නම් තේරුනේ නෑ... ඇත්තටම එයා නිදාගන නේ හිටියේ.. ඒත් එයා හැසිරෙන්නේ නිදා ගන්න එක මහ පුදුමයක් වගේ ...

එයා ඉක්මනට ඇදෙන් බිමට බැස්සා... මගෙන් සමාවත් ඉල්ලලා දෙපාරක් විතරම ආචාර කරලා එයා කාමරෙන් එලියට දිව්වේ වෙච්චි දේ හීනයක් ද කියල හිතාගන්න බැරුව මාත් ඔහේ බලන් ඉද්දිමයි....


~ Kwon Erica ~

.
.
.

____________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________

කතාව තේරෙනවද..... ?
පැටලිලා නම් comment කරන්න ... මම උදව් කරන්නම්....

එක Chapter එකක එක් කෙනෙක්ගේ පැත්තක් තමයි ලියවෙන්නේ...
දවසට Chapters තුනක් විතර දෙන්න තමා උත්සාහ කරන්නේ... 🤗

ඉතින් යන්නම්...
Borahae 💜️💜️

__Candy__

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now