12 Chapter ••

107 51 42
                                    


" මම ඔම්මයි සම්චොනුයි එක්ක තමයි වැඩිම කාලයක් ජීවත් උනේ... ඒත් මාස දෙකකට උඩදි එයාලා කිව්වා මගේ ඔම්මට කැන්සර් එක ලු.... "

" බේරගන්න අමාරුයි ලු... ඉතින් අපි එයාව ඇඩ්මිට් කලා... හ්හාඅ එයා... එයා මම මෙහෙ එද්දි හිටියේ මැෂින් ගොඩක් මැද.... "
මට ආයේ ඇඩුනා... මම තවත් කෙනෙක් ඉස්සරහ පලවෙනි පාරට ඇඩුවා...

" එයා... එයා... අද... ආහ්... "
එයාට තේරුනා මම කියන්න යන දේ.... එයා මාව තේරුම් ගත්තා...

" ඔහ්... මට තේරෙනවා.... ඔයා කියන්න එපා ඒකෙන් තවත් හිත රිදේවි.... "

" මියානේ ටේහ්‍යුන් ශී ... මන් නිසා ඔයාගේ නින්දත් නැති උනා... මම සම්චොන් ඇරුනම තවත් කෙනෙක් ඉස්සරහ අඬන පලවෙනි වතාව මේ... "
එයා ලාවට හිනා උනා...

" බය වෙන්න එපා.. මම ඒක දැක්කේ නෑ කියලා හිතාගන්නම්... "
මම එයාගෙන් මූණ හංගද්දි එයා එහෙම කිව්වා...

එයා කැමති උනා... බනී කියලා හිතන් හිටියට එයා මා එක්ක හිනා උනා...
" ඔයාගේ දුක ඒකෙන් අඩුවෙනවා නම්... "

එයා මාව එයාගේ අත් අතරට වැලද ගත්තා.. මගේ කදුළු එයාගේ ඇදුම තෙමුවත් මට බැරි උනා නතර කරගන්න... එයා හෙමීට මගේ ඔලුව අතගෑවේ මම ටිකක් සන්සුන් වෙද්දි....

විනාඩි කීපයක් මම එහෙම ඉන්න ඇති... එයා මොකුත් කිව්වෙත් නෑ... අඩුම තරමේ මාව එයා ලගින් ඈත් කලේත් නෑ...

ඒත් මම ඈත් උනා... එයාගෙන් ආයෙත් සමාව ඉල්ලලා මම ඇදේ ඇල උනේ එයත් මගේ ලගින්ම නින්දට වැටෙද්දි....

තමන්ගේ හිතේ පීඩනෙන් ඉන්න මිනිස්සුම තමයි තවත් අසරණ කෙනෙක්ගේ උදව්වට ඉන්නේ...
මම ඒක තේරුම් ගත්තා... එයා පිටට නොපෙන්නුවට ගොඩක් හොද හදවතක අයිතිකාරයෙක්....

~ Kwon Erica ~


" එයා... එයා අද ... ආහ්.. "
එයා ආයෙත් අඬන්න ගත්තා..

දෙයියනේ ඒ කියන්නේ එයාගේ ඔම්මා නැති වෙලාද...

" මට එයා ලගින් ඉන්න බැරි උනා ටේහ්‍යුන් ශී .... එයා මාව දැක්කෙවත් නෑ... "
එයා අත්දෙකෙන්ම මූණ වහන් තවත් අහකට හැරුනා... මම එයාට කිව්වා තවත් කියන්න එපා කියලා.. එයා හිටියේ කතා කරගන්නවත් බැරි තරම් ඉකි ගගහා...

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now