5 Chapter ••

120 45 29
                                    


අද දවසත් ගොඩක් මහන්සි උන දවසක්...
වැඩ වලටම යට වෙලාහිටියත් මගේ ඔලුව නිතරම තිබුනේ ඊයේ රෑ උන සිද්ධිය ගාව...

අද දවල් උනත් ටේහ්‍යුන් ශී මගේ එක්ක වැඩ කලේ ඒ කිසිම දෙයක් නොවුන ගානට... එක අතකින් ඒක ලොකු සැනසීමක්...
නැත්තන් සම්චොන් මේක දැන ගනීවි...

ඒත් මට තාමත් ඒ ඇස් මතක් වෙනවා.. මගේ එහා පැත්තෙන් නිදන් හිටපු අපූරුව... එයා පුංචි එකෙක් වගේ නින්ද ගියාම...

මම ඕවා හිත හිතම අදත් ඇදට ආවා... ඒත් දෙපාරක් තුන්පාරක් පෙරලුනත් මට නින්දක් ආවේ නෑ...

ඒ එක්කම හීන් සද්දයක් එක්ක දොරට තට්ටු කරනවා මට ඇහුන නිසා මම දොර ඇරියේ..
එයා මගේ ඉස්සරහ හිටගන මං දිහා බලන් හිටියා.... ඒ බැල්ම ගොඩක් අසරණයි ..

ඒත් ඇයි... මොකක්ද මේ වෙන්නේ... මට තාමත් එයාව තේරුම් ගන්න බෑ... අදත් වෙරි වෙලාවත් ද...

" චොසොහම්මිදා ... එරිකා මට ඔයාගෙන් උදව්වක් ඕනි... "
ආනී එයා වෙරි වෙලා නෑ.. එයා හිටියේ කලබලෙන් ඇගිලි පටල පටල... මොකක්ද මගෙන් ඕනි උදව්ව...

මම ඇහුවේ එහෙම... මේ රෑ ... අනික දවල් වෙලාවෙදි උනත් එයාගේ හැසිරීමෙන් කිසිම වෙනසක් තිබ්බෙත් නැතුව...

ඒත් එයා තාම මගේ කාමරේ ඉස්සරහ හිටගන...
" මම ඇතුලට එන්නද... මාව කවුරු හරි දැක්කොත් මේ... "

මටත් එතකොටයි මතක් උනේ... මම ඔලුවත් වනලා එයාව ඇතුලට ගත්තා.. එයා මගේ ඉස්සහින්ම වාඩි උනා...

ඒත් එකපාරක් වත් මගේ ඇස් දිහා කෙලින් බැලුවේ නෑ.. මොකක්ද එයාට මගෙන් ඕනි උදව්ව.... ඒ තරමටම නොසන්සුන් වෙන්න තරම්....

" මොකක්ද මගෙන් වෙන්න ඕනි ටේහ්‍යුන් ශී.. "
මම එහෙම ඇහුවේ එයා කතා නොකරන බවක් පෙනුන නිසා... එයා බිම බලාගනම වචන පිට කලා...

" මට ඔයාත් එක්ක නිදාගන්න දෙනවද... "

" මොහ්.. "

~ Kwon Erica ~


.
.
.

________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________

අනේ සමාවෙන්න කලින් කොටස Kim Taehyung ගේ... ඒත් මම යටින් දාලා තියෙන්නේ Kwon Erica කියලා... 🥲

මම ඒක දැන් හැදුවා හොදේ.... හී...



__Candy__

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now