4 Chapter ••

121 47 26
                                    


එදා රැය මට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්... හැමදාම මහන්සි වෙලා ආවත් කවදාවත් මට මං හොයපු ඒ සැහල්ලු බව දැනිලා තිබුනේ නෑ...

ඒත් අද... මගේ හිතට වගේම ගතටත් ලොකු නිදහසක් දැනුනා... ඒත් එක්කම මට ඇහැරවුනේ මාව කෙනෙක් තදින් හොලවපු නිසා....

දෙයියනේ .... එයා කෙල්ලෙක්... අහ් අපේ Staff එකේ හිටිය girl ... ඒත් මම ... මමයි එයාගේ කාමරේට ගිහින් තියෙන්නේ..

ආයිශ් .. වෙරි මතේම මං රිංගලා තියෙන්නේ කෙල්ලෙක්ගේ කාමරේකට... දෙයියනේ මොනා හිතනවද දන්නේ නෑ... එයත් හොදටම බය වෙලා...

මං පුළුවන් ඉක්මනට එතනින් එලියට ආවේ තවත් රැදුනොත් එයාට මේ හැමදේම පැහැදිලි කරන්න වෙන නිසා...

ඒත් ඒක මටවත් පැහැදිලි නෑ... මම...
මම කොහොමද නිදා ගත්තේ...

දැනට අවුරුදු අටක් නවයක් ඇති මට නින්ද නොයන්න පටන් අරන්... ඒත් අද... ඒ අවුරුදු නවය පුරාවටම පලවෙනි වතාවට මම උත්සාහ නොකරම මට නින්ද ගියා...

ඒකට හේතුව වෙරි මත නම් නෙවෙයි.. මොකද වෙරි උනත් නින්ද නොයන බව මං අත්විදලා තියෙනවා...

එහෙනම් හේතුව එයාද.... ?

උදෙන්ම ඇහැරුන නිසා කට්ටිය ඇහැරෙන්න කලින් මට මගේ කාමරේට යාගන්න පුළුවන් උනා... ඒත් ඒ සැහැල්ලු බව...

මට මුලු දවසෙම මතක් උනේ ඒක... නින්ද කියන්නේ ඒ වගේ දෙයක් ද...

මට නින්දක් දැනෙන්නෙ කොහොමද කියලාවත් මතකයක් තිබ්බේ නෑ... ඒත් මහන්සි වෙලා ආව දවසකට නින්දක් කියන්නේ ගොඩක් සැහැල්ලු දෙයක් කියලා මට අද තේරුනා...

මං ආස කලා .. ඒ නින්දට.. වගේම ඒ මොහොතට... මං දන්නවා ඒක වැරදි බව...

PD දැන ගත්තොතින් එයාගේ රස්සාවයි නැතිවෙන්නේ....
ඒත් ඇයි... ඇයි මට ඒ සැහැල්ලුව තව තවත් අවශ්‍ය කරන්නේ...

~ Kim Taehyung ~

.
.
.

___________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________

කොටස් කීපයක් තියේවි... ඉක්මනට දෙන්නම්... අදත් කීපයක් දෙන්න පුළුවන් වෙයි...

Thank you for voting 😘😘♥️

__Candy__

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now