♡ පසුවදන ♡

192 58 106
                                    


එයා ගිහින් මාස හතරකට පස්සේ මමත් අස් උනා... මට ඕනි උනා මගේ නැති උන හිත හොයාගන්න....

ඉතින් ඊට මාස හයකට පස්සේ මම අදත් ගියා .. පරණ තැනටම...
" Kwon Erica " මම මගේ නම කියන්නත් කලින් එයාලා මාව හදුන ගන්නවා..

" ඔහ්... Room Number 142 නේද.. මැඩම්... ? "
එයාලා දන්නවා මම ඉල්ලන රූම් එකත්...
ඔව්.. ගෙවුන මාස හයටම මම මේ හතරවෙනි වතාව LA වලට ආව...

ඒ ආව හැම පාරකම මම ගියේ එදා හොටෙල් එකට.. ඒ කාමරේ තමයි මම හැමදාම book කලේ.... ඉතින් අදත් මාව දකිද්දි එයාලා දන්නවා කාමර අංකය..

" God...! මැඩම් ඒ Room එක අද Booked නේ... "
මගේ හිත ගොඩක් රිදුනා.. මමයි ඒක කලින්ම Book කලේ.... මම එහෙම කිව්වා...

ඒත් තවත් කෙනෙක් හදිස්සියේම ඒක ඉල්ලලා...
" අද අවුරුද්දේ අන්තිම දවසනේ මැඩම් Special booking එකක් ඒක... "

දෙයියනේ මට ඕනි ඒ කාමරේ... අවුරුද්ද ඉවර කරන්න වගේම අලුත් අවුරුද්ද පටන් ගන්න මම ආස කරපු තැන එතන....

" තව මොන rooms ද හිස්...? "
මොනා කරන්නද... මට වෙන්නේ වෙන කාමරේක ඉන්න...

" Room Number 143 හිස් මැඩම්... "
අර කාමරේට එහා එක.. හ්ම්ම් කමක් නෑ... මම මගේ පුංචි traveling bag එකත් අරන් ඒ කාමරේට ගියා...

වෙන කාමරේක රෑ ගෙවුනා ..... අවුරුද්දක් ඉවර වෙලා... මම 2022 අලුත් අවුරුද්දේ පලවෙනි දවස ආවා...

මොනා නමුත් මගේ Booking එක cancel කරපු කෙනාට මම ගොඩක් හිතින් බැන්නා... ඒක මම ආසම තැන... ආයිශ් ...

මම කාමරෙන් එලියට ආවා... අදටත් මතක ඒ මතකයන් එක්ක තනියම හිනාවෙවීම....
" Oh ... I' m Sorry .. "

මම කෙනෙක්ගේ ඇගේ හැප්පුනේ මගේ කාමරේ ලගින් හැරෙද්දිමයි.... මම එයාගෙන් සමාව ඉල්ලුවේ LA වල මිනිස්සු මොන වගේද නොදන්න නිසා...

මගේ ඇස් නිරායාසෙන් ඒ කෙනා දිහා බැලුනා... ඇයි ඒ.... මගේ හුස්ම නතර උනා වගේ...
" එරිකා.. ඔයා... ? "

ඒ කටහඩ... ඔව්... ඒ එයා...
" ටේහ්‍යුන් ශී .. ? "

~ Kwon Erica ~




No Romance 🍁 ( Short Story ) ✔️Onde histórias criam vida. Descubra agora