11 Chapter ••

119 48 28
                                    


මහන්සියට මම එයා එක්ක කතා කර කරම නිදාගන... උදෙත් අපි අතර ඒ හැටි කතා බහක් උනේ නැති නිසා අද දවස සාමාන්‍යයයි ...

අදත් Concert ඉවර කරලා අපි ටිකක් රෑ වෙනකන් ඒක සැමරුවා... ඒත් මම වයින් වලින් මත් නොවී ඉන්න වග බලාගත්තේ මම නිදියන්නේ තවත් ගෑනුලමෙක්ගේ කාමරේ නිසා...

මම අසිහියෙන් මොනා හරි කලොත්... කියලා මම බය උනා.... අනිත් කට්ටිය කාමර වලට යද්දි මම හෙමින් පැනලා ආවේ අනිත් ලොබි පැත්තට....

ලාවට තට්ටු කරලා මම දොර ඇරියේ එයාගෙන් ප්‍රතිචාරයක් නැති තැන...

දෙයියනේ ... එයා නිදිද...?
ඔව්.. අඩුම තරමේ මම ආව කියලාවත් හැරිලා බැලුවේ නෑ.. එයාට නින්ද ගිහින් ද...

මම ත් කතා නොකරම ඇදේ ඇල උනා..
මහන්සියට වෙන්න ඇති නින්ද ගිහින් ඇත්තේ....
" එරිකා... ඔයා... නිදිද... "

මම හෙමීට කතා කලත් උත්තරයක් නෑ.. හ්හාඅ එයාට නින්ද ගිහින්.... ඇත්තටම ....

මමත් මහන්සියටම ඇස් පියවෙන්න දුන්නත් ඒකට විනාඩි කීපයක් යන්න ඇති...

ඔහ්... එයා... එයා ලෙඩ වෙලාද... නැත්තන් මේ... දෙයියනේ එයා අඬනවද....

මාව ඉබේම කෙලින් උනා... නිදිමත බර උන ඇස් එක්ක මම එයාට කතා කලා...
" එරිකා... ඔයා හොදින්ද... ඇයි මේ.... "

එයා ඉකිගහනවා... අතකිනුත් තදකරන් ඒක නවත්තන්න උත්සාහයක...
මම බැරිම තැන එයාගේ උරහිසෙන් අල්ලලා මගේ පැත්තට හරව ගත්තා...

දෙයියනේ එයා හොදටම අඬනවා....
" මොකක්ද ප්‍රශ්නේ ... "

" අ ආනියෝ .. ටේහ්‍යුන් ශී ... ම මම.... හොදින්... "
තරගෙට කදුළු පිහිදදා එයා මගෙන් මූණ හංගගන්නවා... ඒත් එයා හොදින් නෙවෙයි වගේ....

" එරිකා... ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න.. හරියට මං ඔයාව විශ්වාස කලා වගේ.... කැමති නම්... "
මම දන්නේ නෑ මම කොහොමද එයාට උදව් කරන්නේ කියලා..

එයා ඉකිය අතරෙන්ම මට ඒක කිව්වා... මම දන්නේ නෑ මොනා කියලා හිත හදන්නද කියලා... ඒත් එයාගේ දුක බෙදාගන්නවා ඇරෙන්න මොනා කරන්නද මම....

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now