15 Chapter ••

106 49 68
                                    


එලිවෙද්දි මාව ඉබේම ඇහැර උනා...
ඒත් ඊයේ රෑ මම එලාම් එකක් වත් නොතිබ්බේ ඉක්මනට නැගිටින්න තිබ්බ අකමැත්ත නිසා...

එයා තාම නිදි.... මගේ ඉස්සරහින් මගේ පැත්තට ම හැරිලා... ඒ ඇස් වැහිලා තියෙද්දි ගොඩක් ලස්සනයි... අදත් එදා වගේ තොල් වල ඇදුන පුංචි හිනාවක් තිබ්බා... අපේ නාදුනන පලවෙනි රැය වගේ...

මගේ සුලැගිල්ල තාමත් ඒ ඇගිල්ලේ පැටලිලා... අපේ අත් දෙකත් මූණු ඉස්සරහින්ම තිබුනා.... පැටලුන ඇගිලි අස්සෙන් මම දැක්කා ඒ මූණ ...

හ්හාඅ ... අදයි අන්තිම දවස... මම සූදානම් නෑ.. තවමත් මට ඒ ගෙවුන සතිය තත්පර කීපයක් තරම් කෙටියි...
මම ඒ මූණ දිහා බලන් ඉද්දි එයා ඇස් ඇරියා... ඒත් කිසිම වෙනසක් නැතුව එයා මගේ ඇස් දිහා බලන් හිටියා....

අපි ඇදේ ඇල වෙලාම අපි දිහාම බලන් හිටියා... ඒත් මම නැගිටින්න ඕනි... දැන් මම පරණ කෙනා වෙන්න ඕනි...
මම නැගිට්ටා...

එයා ගේ අතෙන් තාමත් මගේ ඇගිල්ල ගැල උනේ නෑ... මගේ අත මට පාලනේ නෑ... ඒත් එයා.. එයා ඉක්මනට එයාගේ ඇගිල්ල ගලව ගත්තා...

එයාට මං වගේ හිතෙන්න නැතුව ඇති... හ්ම්ම්.... එයා ඇදෙන් බැස්සා...

" මම... මම යන්නම් එහෙනම්... "
මගේ පපුව එන්න එන්න රිදෙන්න ගත්තා..

" කුමාඕ එරිකා... මාව විශ්වාස කලාට... ඒ වගේම මාව පරණ කෙනා බවට පත් කලාට... "
එයා ආයාසයෙන් හිනා උන බව මට තේරුනා... මම හුස්මක් ගත්තේ ඔලුව වනලා...

" ඒක මම කලේ හිත සතුටින් ටේහ්‍යුන් ශී ... "

එයා යන්නයි කියලා දොර ලගට අඩියෙන් අඩිය තියද්දි මගේ පපුව කෑලි වෙනවා වගේ දැනුනා... ඒත් මට බෑ එයාට ඉන්න කියන්න..

" එක මොහොතක් ... අනේ එක තත්පරයකට නවතින්න... "
මම එහෙම හිතුවා... ඒත් කියාගන්න මගේ තොල් වලට පණක් නෑ... ඒවා එකට ඇලිලා ...

ඒත් එයා ආයෙම හැරුනා... හරියට මගේ හදවත කියෙව්වා වගේ... එයා ඉක්මන් අඩියෙන් ආයෙත් මගේ ලගට ආවා..

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now