13 Chapter ••

119 48 42
                                    


අද අපිට Artist ලා දෙතුන් දෙනෙක් මුණගැහෙන්න තිබුනා..ඒ නිසාම ඊයෙට වඩා ටිකක් වැඩ අඩු දවසක් උනා...

Set එකේ ඉද්දි මම දැක්කා එයා තවත් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා... ඒ අපේම Staff එකේ මගේ වයසේ වගේ කොල්ලෙක්...

" මොනාද එයා එච්චර කියෝ කියෝ හිටියේ... හිනාත් උනා... "
මගේ හිතට පුංචි ඉරිසියාවක් ආවා... ඇයි කියන්න මම දන්නේ නෑ... ඒත් මට හිතුනා ඒ කොල්ලා වෙනුවට මම හිටියා නම් කියලා...

රෑවෙලා එයාව මුණගැහුනම ඒක අහනවදත් හිතුනා... ඒත් එයාගේ කාමරේට ආව වෙලාවෙ ඉදන් මම වචනයක් වත් කියාගන්න බැරි තත්වෙට වැටිලා...

එයා කල්පනාවක... ඊයේ සිද්ධිය නිසා තාමත් හිතේ දුකෙන් ඇත්තේ... මමත් කියලා මොනා කරන්නද...
" එරිකා ... ඔයා තාමත් දුකින් ද... මම දන්නවා ඒ ඔයාගේ ඔම්මා නේ... ඒත් උන හැමදේම හොදටයි කියලා අපි දැන් හිත හදාගමු ම්ම්... "

එයා මට ස්තූති කලා... එයාගේ ලගින් හිටපු එකට...

" අද... කෙනෙක් මගෙන් කැමැත්ත ඇහුවා ටේහ්‍යුන් ශී ... "
එයා ඒ කිව්ව දේ නිසා ඇද උඩ වාඩි උන මාව ගැස්සුනා.... ඒ අර කෙනාද... දවල් කතා කරපු...

" කවුද... මම දන්න කෙනෙක් ද... "

" අපේ Staff එකේ කෙනෙක් ටේහ්‍යුන් ශී ..."
දෙයියනේ ඒ කෙනා තමයි.... ඒත් ඒ කෙනාත් එක්ක එයා කතා කලේ හිනාවෙවී.. ඒ කියන්නේ එයාගේ හිතේ ඒ කෙනාට ...

" අන්ද්වේ... "
මට කෑගැස්සුනා... එයා මගේ දිහා බැලුවේ විමසිල්ලෙන්...
ආහ්... මමත් හැසිරෙන්නේ මහ අමුතුවට.. ඇයි මේ...

" ඔ ඔයා මොකද ඉතින් කිව්වේ... "
මම ලාවට හිනාවක් මවා ගත්තා... ඒත් ඇයි මම මේ අමාරුවෙන් රගපාන්නේ..

ඇයි මට රගපාන්න උනේ... මම අද වෙනකන් එයා ඉස්සරහ හිටියේ සාමාන්‍ය විදියට... ඒත් දැන් මම මොනා හරි හිර කරන්න උත්සාහ කරනවද....

" එයාගේ ඒ හැටි වැරැද්දක් නම් නෑ ටේහ්‍යුන් ශී .. ගෙවුන ප්‍රශ්න නිසා මමත් කැමතියි මගේ පැත්තෙන් කවුරු හරි ඉන්න එකට... අනික එයා ගොඩක් දවසක ඉදන් මට කැමැත්තෙන් ඉදලා... "
" මම හා කියන්නද.... "

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now