ඇවිදින මළමිනි...

322 56 221
                                    


Kim Semis' Pov
Taehyungs' wife

ජිමින් ඔප්පා එළියට ගියාම මම චිම් ගාවට ගියේ ඉඹේම වගේ... මගේ නංගි අක්කා වගේ හැමදාම මගේ ළඟින් හිටපු එකම එකා මෙහෙම ඉද්දි මාව පිච්චෙනවා වගේ...

බලු යාලුවො විදවද්දි ඒක ඩබල් වෙලා දැනෙන ජාතියේ එකෙක් නේ මම....

මම චිම්ව තුරැල් කරගත්තත් එයා ඔහේ හිටියා...

" චිමාාා... හැමදේම හරියාවි බන්... "

චිම්ගේ පිට අතගාලා ටික වේලාවකින් මම එයා දිහා බැලුවා. එයාගෙ ඇස්වල පිරැනු කඳුලු හිරවෙලා... එයා බය වෙලා.

එයා හැමදාම එහෙමයි... එයාගේ කඳුලු එයා හිරකරගන්නවා... හරියට ඒ කඳුලු පුපුරලා ගිහින් ලොකු විනාසයක් කරයි කියන බයෙන් එයා නතරවෙලා.

" හා.. හාා... ඔය ඔය ඇති..... නවත්තනවලා.... මේ ඔහොම බඳාගෙන ඉන්න පුලුවන් ටයිම් එ⁣කක් ද... ? තමුසෙලා දෙන්නා පස්සේ වැලදගෙන බැරි නම්... වැලලිලා හරි කමක් නෑ.. මුලින් ම මේ ප්‍රශ්න ඉවරයක් කරගමු.. නැත්නම් මේ ගෙදර එකෙක්ටවත් නින්දක් නැති වෙනවා... සෙමී.. චිම් එක්ක බැල්කනි එකට එන්න... "

" ආා..දේ.... බිනා.. ඔන්නි... "

බිනා ඔන්නි මැදට ඇවිත් කියාගෙන ගියාම හැමෝම එයා දිහා බලන් හිටියා. බිනා ඔන්නි පඩිපෙළ උඩට යද්දි මම චිම්වත් ඇදගෙන උඩට ගියේ හිමින්..

මේකා ඇවිදින මළමිනියක් වගේ නේ...

රැෆ්ටොප් එකේ ස්වින්ග් චෙයා එකෙන් අපි තුන්දෙනාම වාඩි උනේ චිම්ව මැදින් තියාගෙන. මම බිනා ඔන්නි දිහා බලාගෙන ඇස් දෙකෙන් චිම්ව පෙන්නුවාම එයා හැමදෙයක් ම හරි කියන්න වගේ ඔලුව වැනුවා.

" චිම්...... ඔයාට මං පුංචි රහසක් කියන්න ද... ? "

...........................

" හපු... ඔයාට අහන්න ඕනේ නෑ නේ... මයේ ඉස්ට්‍රෝබෙරියො.. ඔයා අහගන්න කො එහෙනම්... "

" කියන්නකො... ඔන්නි.. "

" ම්මම.. ඔයා දන්නවානේ මායි.. ටේ.. ජිමින් අපි තුන්දෙනා පොඩි කාලේ ඉදන් ම එකට... කරන්න පුලුවන් ජඩකම් මැරකම් ඔක්කොම කලා ඒ කාලේ... ගොඩක්ම අර සයිකො සෝල්මේට් ඩබල ම තමා.. ඒ කාලේ හරිද... ඔන්න මගේ පස්සෙන් කොල්ලො කියලා හිතන් ඉන්න එළු මයිලො පස්සෙන් එද්දි මේ දෙන්නා ආයේ නෑ.. සුපර්මෑන් ලෙප්ට් ඉතින්... ඒ වගේම තමා.. හැබැයි මාත්.. එක එක කැපිච්චි කෙලි පණුවෝ... "

BANG MISSUS || OT7 || COMPLETED  Onde histórias criam vida. Descubra agora