මගේ සුරංගනාවි...

238 44 98
                                    

Mickeys' Pov
Jungkooks' Lover

පැය බාගෙකට විතර කලින් මං ඇහැරිලා හිටියත් ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියේ චුට්ටක් කම්මැලි හිතුන නිසා. කම්මැලි හිතුනට තාම පාන්දර පහටවත් නැතුව ඇති.. මට අද එලාම් එක නිකං යූස්ලස් දෙයක් වගේ හිතුනා.. මට ඉතින් ඒකටත් කලින් ඇහැරැනා.. නෑ ඇත්තටම හරියට නින්ද ගියා කියන්නත් බෑ.   මං නිදාගෙන හිටපු ලේයර් බෙඩ් එකටම ඉස්සරහින් තිබුන ග්ලාස් ඩොර් එක නිසා මට වලාකුලු මැද දිලිසෙන බැහැගෙන යන පුංචි හද පෙනුනා. එයාව යන්න කලින් හොඳට බලාගන්න ආසාවක් ආව නිසා මං කම්මැලිකම පැත්තක දාලා බෙඩ් එකෙන් බැහැලා ගියේ බෙඩ්ශිට් එකත් මගේ ඇග වටේ ඔතාගෙන.

ග්ලාස් ඩෝ එක පැත්තකට කරලා මං බැල්කනි එකට ගියත් ටයිල්වල තිබුන සීතල නිසා මං ඇඟිලි ගුලි කරන්ම හිමින් හිමින් ඇවිදලා ඇවිත් වැටට බර උනේ මාවම තදින් බදාගෙන. මුහුදු හුළං නිසා මෙච්චර සීතලක් දැනෙන නිසා මං ඉස්සරහ තිබුන ඩාක් බ්ලු මුහුද දිහාත් ටිකක් බලන් ඉදලා ඒ අහස් කෙලවරක තිබුන පුංචි හඳ දිහා බැලුවා. මට හිනාවක් ගියේ දැනුන සැහැල්ලුව නිසයි.. මං ඇස් දෙකත් පියාගෙනම ඒ මොහොත වින්දා.

" ගෝඩ්.... ප්‍රින්සස්... ඔයා දැන් නම් පිලා පැටියෙක් වගේනේ....! "

" ආාාාාආාාාාආාාාාආාාාා ඕ...ම්..මාාාආාාා....."

" ආාාා................ ආාාාා අප්පපපපපාාාආ......."

" ආාාාාශ්...... ජොන්.....කුක්...............!!!! "

මට වැඩි වෙලාවක් ඇස් දෙක පියන් සැනසිල්ලේ ඉන්න හම්බුනේ නැ... මොකද එකපාරම කවුද මට පිලා පැටියා කියලා කිව්වා වගේම මේ මහ පාන්දර මගේ බැල්කනි එකට එහා පැත්තේ බැල්කනි එකේ ඉදන් මනුස්සයෙක් එහෙම කියද්දි මට කෑ ගැහුනම... මේ පිස්සත් කෑ ගැහුවා.. ඉතින්.. ඒ වෙන කවුද ජොන්කුකී මිසක්... අනේ මේ හා තඩියා... නම්..

" ජොන්කුකි තමා ප්‍රින්සස් ඔයාගේ.. ජොන්කුකි.. ඔයාගේ ආෆ්ටර් ෆිව් හවස් ටු බී ලවින් හස්බන්ඩ්... මිකි...! "

" යාාහ්.. ඔයා කොහොමද මට එහා රෑම් එකේ බැල්කනි එකෙන් මතු උනේඑඑඑ... ආ.... "

" මං නැතුව වෙන කවුරැ මතු වෙන්නද ප්‍රින්සස්... ! "

ජොන්කුක් ඇසුත් වහගෙන එයාගේ බනී සමයිල් එකත් දාලා කියද්දි මට හිනාගියා.. මං හිනාවෙන දිහා එයා බලන් ඉන්නවා... එයා මං දිහා බලන් ඉන්න විදියට මට හිනායනවා.. අන්තිමට අපි දෙන්නම කඳුලු එනකල්ම හිනාවුනා.

BANG MISSUS || OT7 || COMPLETED  Where stories live. Discover now