シ︎ Chapter 2 シ︎

317 62 10
                                    

එමා චූටි ගුකීවයි , සොයෝනාවයි දෙන්නාව මහ වැස්සෙම බදාගෙන ගොඩාක් සතුටින් හිනා උනා..

මේ දිහා හරිම ආදරෙන් බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙමෙයි..එමාගෙයි සොයෝනාගෙයි අප්පා..මිස්ටර් ලී..

එයා උස වීදුරු ජෙනේලේන් පේන ගාර්ඩ්න් එක දිහා කෝපි කොප්පයක් අතේ තියාගෙන හිනා වී ගෙන බලන් හිටියේ පොඩි උන් තුන් දෙනාගේ හුරතලේ දිහා..ඒත් එක්කම එතනට ආවේ එමාගෙයි සොයොනාගෙයි ඔම්මා මිසිස් ලී..

"ඔය කොහෙද ඔය බලන් හිනා වෙවී ඉන්නේ.."

මිසිස් ලී මිස්ටර් ලීගෙ උරහිස්සකින් අතක් තියන ගමන් අහද්දී මිස්ටර් ලී ඔලුවෙන් පෙන්නුවේ වීදුරු ජනේලේන් එලියේ වැස්සේම බිම බදාගෙන ඉන්න පොඩි උන් තුන් දෙනා..ඒක දැක්කා විතරයි මිසිස් ලී..

"ආහ්ම්..අනේ...අර පොඩි පැටව් තුන් දෙනා හොදටම තෙමෙනවා නේද?? ඉන්න මම ගිහින් අරන් එන්නම්..නැත්නම් තුන් දෙනාම අසනීප වෙයි.."

මිසිස් ලී කලබලෙන් එහෙම කියලා එතනින් යන්න හද්දී මිස්ටර් ලී මිසිස් ලීගේ අතකින් අල්ලලා එයාව නතර කලා..

"එපා හේරා..යන්න එපා..ඒ පොඩි තුන් දෙනාට සෙල්ලම් කරන්න දෙන්න..ඔයා යන්න එපා.."

"ඒත්..පොඩි තුන් දෙනා අසනීප වෙයිනේ..අනික ගුකීත් මෙහෙ ආවේ ටික දවසක් ඉන්නනේ.."

"කමක් නෑ..අදට ඔහොම ඉන්න දෙන්න..බලන්නකෝ එයාලා ඉන්න විදිහ..හරිම හුරතල් නේ අපේ පොඩි උන් තුන් දෙනා.."

මිස්ටර් ලී තමන්ගේ ඔලුවෙන් පොඩි උන් දෙනා පෙන්නන ගමන් මි‍සිස් ලී දිහා බැලුවා..

"අනේ මන්දා ඔයා නම්..ඔයා නිසා තමා මට කවදා හරි ඔය ලමයි දෙන්නාව හදා ගන්න බැරි වෙන්නේ.."

මිසිස් ලී නොක්කාඩු ස්වරයෙන් කියද්දී මිස්ටර් ලී හිනා වෙවීම මිසිස් ලීගේ උරහිස්සකින් අතක් දාලා තමන්ට ලන් කර ගත්තා..

*

*

*

*

*
Back To Present

තවමත් පොඩි ලමයි වැස්සේ සෙල්ලම් කරන එක දිහා බලාගෙනම සොයෝනා කෝපී කොප්පේ තොල ගන්න ගත්තා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now