シ︎Chapter 13シ︎

220 52 69
                                    

සෝයෝන් ඉන්න තැනම දණ ගහගෙන ඒ සොහොන් කොත් තුන දිහා බලන් හිටියේ ඇස් වලින් නිදහසේ කදුලු වැටෙද්දී..කතා කරන්න , කියන්න දේවල් ගොඩාක් තිබ්බත් සෝයෝන් නිහඩයි..

සෝයෝන්ට කියන්න හිතුනා එයාගේ ගුකීව එයාට කොච්චර මතක් වෙනවද කියලා..එයා ආයේම එනකන් බලන් ඉන්නවා කියලා..එයාගේ සෝ ගුකී එක්ක තරහා නෑ කියලා..එයාට කොච්චර රිදෙනවාද කියලා..

ඒත් සෝයෝන් මුකුත්ම කිව්වේ නෑ..සෝයෝන් ටික වෙලාවක් ඉන්න විදිහට ඉදගෙන නිදහසේ ඇඩුවා..හිතට පොඩිම හරි සහනයක් ලැබෙයි කියලා හිතලා සෝයෝන් ඇඩුවා..අඩලා අඩලාම තමන්ව දුර්වල වෙනවා සෝයෝන්ට දැනුනා..ඒ නිසාම ඉන්න තැනින් අමාරුවෙන් නැගිට්ට සෝයෝන් එයා එද්දී ගත්ත සුදු මල් බොකි තුනත් ඉටිපන්දම් තුනත් පිලිවෙලින් පත්තු කරලා ආයේම පාරක් ඒ සොහොන් කොත් තුනට ආචාර කරලා  එතනින් යන්න ගියේ හිතින් ගොඩාක් විදවන ගමන්..එයාට කෑ ගහලා අඩලා දුක පිට කරන්න ඕනේ උනත් සෝයෝන්ගේ හිත කිව්වේ ඒකට දැන් වෙලාව නෙමෙයි කියලා..

*

*

*

*

*

At Airport

Bogyum POV

ෆ්ලයිට් එකේ එනගමන් මම ආසම සින්දුවක් අහන් ආවත් මගේ හිත නිදහස් නෑ ඒකෙන්..මම කල්පනා කලේ මම කොරියාවට ගිහිල්ලා කොහොමද ජීවත් වෙන්නේ කියලා..හ්‍යුන්ගේ යාලුවෙක් උන නාම්ජුන් හ්‍යුන්ගේ වෙඩින් එක මම කොරියාවට එන්න අවස්ථාවක් කර ගත්තත් ඉස්සරහට මම මූන දෙන්න ඕන විදිහ ගැන මම ඇත්තටම හිතුවේ නෑ...

හ්‍යුන් කියපු විදිහට නාම්ජුන් හ්‍යුන්ටත් ඉන්නවා මගේ වයසෙම නම්දොංසෙන් කෙනෙක්..හ්‍යුන් කියපු විදිහට එයාට නාම්ජුන් හ්‍යුන්ගේ නම්දොංසෙන්ව මීට් වෙලා තියෙනවා.. එයාත් මන් වගේමලු..

"ඒත් එයා මට මගේ වැඩ වලට උදව් කරයිද? අනේ මන්දා..එන විදිහකට ඔයා මූන දෙන්න බෝගම් වැඩිය හිතන්න යන්න එපා.."

මම මගේම හිතට තදින් කියා ගන්න ගමන් ඇස් දෙක වහ ගත්තේ මේ වෙලාවේ මට විවේකයක් ඕනී කියලා තේරුණ නිසා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now