シ︎Chapter 21シ︎

217 47 29
                                    

"ඒක තමා මම මෙච්චර වෙලා ඇහුවේ ජියෝන් ජන්ග්කුක්..ආහ් නෑනේ බෝගම්..හහ්.."

එමා සද්දෙන් එහෙම කියද්දී අන්තිම ටික කිව්වේ උපහාසෙන් වගේ..

එමා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ජන්ග්කුක් හොද හුස්මක් ගත්තේ ලොකු කතාවක් කියන්න මුල පුරණවා වගේ..

"නූනා..ඔයාට මම මේක කියන්න පටන් ගන්නේ කොහෙන්ද ?"

ජන්ග්කුක් කතා කරන්න ගන්නකොටම ටේ නින්දෙන් ඇහැරුනා වගේ ඉන්න තැනින් නැගිටලා එමා දිහාත් ජන්ග්කුක් දිහාත් බලලා..

"ඕක කියන්න කලින් කොපි එකක් බිව්වොත් ඔයාලා මොකද හිතන්නේ..ම්ම්.."

ටේ එහෙම අහද්දී එමා ටේ දිහා රවලා බැල්මක් දැම්මා..ඒක දිහා ටේ smile in pain මූනක් හදන්..

"ඕකේ..ඕකේ නූනාට එපා නම් කමක් නෑ..බෝගම් ඔයාට.."

ටේ එමා දිහාවට අතකුත් දික් කරලා එහෙම කියලා ජන්ග්කුක් දිහා බැලුවේ ජන්ග්කුක්ගේ උත්තරය දැන ගන්න වගේ..ටේ දිහා බලලා ලාවට හිනා වුන ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවේ එයාට ඕනී නෑ කියන්න..ආයේම තමන්ගේ වම් අත පැත්තේ සෝෆා එකක ඉදගෙන පෝන් එක ඔබන යුන්ගි දිහා බලපු ටේහ්‍යුන්..

"හ්‍යුන්..ඔයාටවත් ඕනී නැද්ද ?"

ටේ යුන්ගිගෙන් එහෙම අහද්දී මෙච්චර වෙලා පෝන් එකේ සිහියෙන් හිටිය යුන්ගි ඔලුව උස්සලා ටේ දිහා බලලා..

"මොනවද ඕනීද එපාද කියලා අහන්නේ.."

ඇහි බැමක් උස්සලා ටේ දිහා බලලා යුන්ගි අහද්දී ටේ ආයෙම..

"මට කම්මැලී..මම කැන්ටින් එකෙන් කොෆි එකක් බොන්න යනවා..හ්‍යුන්ටත් ඕනී නම් කියන්න..මම ගෙන්නම්.."

ඔලුවත් කහ කහ ටේ කියද්දී යුන්ගි..

"හා..මටත් ගෙන්න..පුලුවන් නම් කන්න මොනවා හරිත් ගෙන්න.."

"හරි හ්‍යුන්..මම ගෙන්නම්..ඇත්තටම මටත් බඩගිනී..මම ඒක කිව්වේ නැත්තේ මට බැනුම් අහන්න වෙයි කියලා..ඕකේ මම ගේන්නම් හ්‍යුන්.."

එහෙම කියලා ටේ ඉක්මනට රූම් එකෙන් එලියට ගියේ එයාගේ බඩේ ඉන්න පනුවන්ගේ වර්ජනේ ඉවසන් ඉන්න බැරිම තැන..ටේ යනවත් එක්ක ජන්ග්කුක් ආයේම එයාගේ කතාව පටන් ගත්තා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now