ツChapter 35ツ

237 38 53
                                    

සෝයෝන්ව අතකින් අල්ලන් සෝයෝන්ගේ අප්පා වුන මිස්ටර් ලී සෝයෝන්ව හිටපු හොටෙල් රූම් එකෙන් එලියට එක්කන් ආවේ එයාලා ඒ හොටෙල් එකේම රෙඩි කරලා තිබ්බ හෝල් එකට යන්න..

සෝයෝන්ගේ එක අතක් එයාගේ අප්පා අල්ලන් ඉද්දී අනෙක් පැත්තෙන් සෝයෝන්ගේ ඔම්මාත් හිටියා..ඒ වගේම ඒ කට්ටියට අඩි දෙකක් විතර පිටිපස්සෙන් නාම්ජූනුත් එමාත් අත් අල්ලගෙන ඩෙකරේට් කරලා තිබ්බ හෝල් එකට ගියා..

හෝල් එකට ඇතුලු වෙන තැන සෝයෝනුගෙත් ජන්ග්කුක්ගෙත් නම් දෙක බෝඩ් එකක ගහලා ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා...හැමදේම වගේ පර්ෆෙක්ට්..

සෝයොන් හෝල් එක ලගට යද්දි වහලා තිබ්බ විශාල දොරවල් දෙක ඇරුනා..ඇරුන දොරෙන් සෝයෝන් දැක්කේ පොඩි ෆ්ලේවර් ගර්ල්ස්ලා දෙන්නෙක් වගේම වෙඩින් එකට ආපු ගෙස්ට්ලාව..සෝයෝන් ඇතුලට අඩිය තියද්දි හැමෝම වගේ ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා..

එවෙලේ සෝයෝන්ට කවදාවත් නැතුව බයක් වගේම ලැජ්ජාවක් දැනුනා..ඇත්තටම සෝයොන් බය වුනා එයා හැමෝම ඉස්සරහට හීල් එක දාගෙන ඇවිදිද්දි හරි දිග ෆ්‍රොක් එක කකුලේ පැටලිලා එයාව වැටෙයි කියලා..

ඒ නිසාම සෝයෝන් එයාගේ අප්පා දිහා බැලුවේ හරියට පොඩි ලමයෙක් වගේ..සෝයෝන් දිහා බලලා ඇස් වලින් එයාගේ අප්පා ඇහුවේ එයාට ප්‍රශ්නයක්ද කියලා..

"අප්පා මගේ හීල්ස් දෙක ෆ්‍රොක් එකේ පැටලිලා මාව වැටෙයිද දන්නේ නෑ නේද?"

සෝයෝන් හිනි කට හඩකින් අහද්දී එයාගේ අප්පා සොයෝන් දිහා බලාගෙනම..

"මේ අප්පා ඉන්නකන් මගේ දූව වැටෙන්න දෙන්නේ නෑ කවමදාකවත්.."

සෝයෝන්ගේ ඇස් දිහ බලාගෙන මිමිනුව මිස්ටර් ලී සෝයොන්ගේ අත මිරිකලා අල්ලගෙන සෝයෝන්ව හෝල් එක ඇතුලට එක්කන් ගියා..සෝයෝන්ට ඉස්සරහින් ගිය ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නා රෝස් පෙට්ල් විසික් කරලා ඒ පලස තවත් ලස්සන කලා..

සෝයෝන්ට ඉස්සරහින් ගිය ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නා රෝස් පෙට්ල් විසික් කරලා ඒ පලස තවත් ලස්සන කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now