シ︎Chapter 7シ︎

229 54 29
                                    

Back to Present

අතීත මතකයන් වල ගිලිලා හිටිය සොයෝනාට නොදැනුවත්ම එහෙම්ම කබඩ් එකට හේත්තු වෙලා නින්ද ගිහිල්ලා තිබුනා..

සොයොනා ආයේම ඇහැරුනේ එයාගේ පෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා..

කදුලු නිසා ඇස් පිහාටු එකට ඇලිලා නිසා ඇස් අරින්න අමාරු උනත් සොයොනා ඇස් දෙකත් අත් වලින් පොඩි කරලා නැගිට්ටේ මහ රෑ කෝල් කරන්නේ කියලා හිතන ගමන්මයි..

බිමට අත තියලා  බර වෙලා සෝයෝන් නැගිට්ටේ එකම විදිහට බිම වාඩි වෙලා ඉදලා එයාගේ කකුල් හිරි වැටිලා තිබ්බ නිසා..

ඇද ලග තියෙන නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ පෝන් එක අතට ගත්ත සෝයෝන් කෝල් ID එක දැකලා ඇත්තටම පුදුම උනා..

එකම ගෙදර ඉදගෙන මහ රෑ කෝල් කරන්න හේතුව මොකක්ද ?

📲 Onni 💕

"හෙලෝ ඔන්නී..ඇයි මේ මහ රෑ.."

"ආහ්..නිදි නැද්ද තවම.."

"හෑ..මම නිදිද නැද්ද කියලා බලන්නද ඔයා කෝල් කලේ..ආ.."

"ඕ..ඒ නිසා තමා..මොකද රූම් එකේ ලයිට් දාගෙන මහ පාන්දර කරන්නේ.."

"ඔයා කොහොමද දන්නේ මම රූම් එකේ ලයිට් දාලද නැද්ද කියලා.."

"මට තවම ඇස් හොදට පේන නිසා ඇහුවේ..අහපු දේට උත්තර දෙන්න..මොකද ඇහැරිලා කරන්නේ..පාඩම් කරනවාද?"

එමා එහෙම අහද්දී සෝයෝන් ඩිම් වෙලා ගියා..ඇත්ත කියන්න කියලද ? අඩ අඩාම බිම නින්ද ගියා කියලා කියන්නද ? ඒ නිසාම සෝයෝන්..

"ආ..නෑ..ඔව් ඔව්..පාඩම් කරනවා.."

"ම්ම්..එහෙමද ? වැඩක් නැත්නම් මගේ රූම් එකට එන්න..ආවොත් කොෆි එකක් බොන්න පුලුවන්.."

එමා හරිම සැහැලුවෙන් එහෙම කියද්දී සෝයෝනුත් ඒකට කැමති වෙන්න හිතුවේ එයාට කෝපි බොන්න කෙසේ වෙතත් එමා එක්ක කතා කරන්න පොඩි දෙයක් තිබ්බ නිසාමයි..ඒ නිසාම සෝයෝන්..

"ආහ්..හරි එහෙනම් මම එන්නම්.."

"ඕකේ..පරක්කු නොවී එන්න..ආ..ඒක නෙමෙයි එද්දී මොනවා හරි ස්නැක්ස් ටිකකුත් කිචන් එකේ අරන් එන්න..මට පහලට යන්න කම්මැලී ඒකයි.."

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now