シ︎Chapter 14シ︎

206 52 89
                                    

එමා එහෙම්ම සොහොන් කොත් තුන ඉස්සරහයින් හිටගෙන ඔලුව නවලා එයාගේ ගෞරවය දැක්කුවා..යුන්ගි එමාගේ එහා පැත්තෙන් ඉදලා එමාව අනුගමනය කලා..

එහෙම්ම ටිකක් ඉස්සරහට ගිය එමා තමන් ගෙනාපු මල් පොකුරු පිලිවෙලින් ජන්ග්කුක්ගේ ඔම්මාගෙයි අප්පාගෙයි සොහොන් ලගින් තිබ්බේ සෝයෝන් ගෙනාපු මල් පොකුරු ටිකක් ඈත් කරලා ඉඩ හදන ගමන්..ඒ ටික තියලා එහෙම්ම ජන්ග්කුක්ගේ සොහොන ලගට කිට්ටු වුන එමා සෝයෝන් තියලා ගිහින් තිබ්බ මල් පොකුර දිහා බලලා බරට හුස්මක් පිට කලා..එහෙම්ම තමන්ගේ අතේ තියෙන මල් පොකුරත් දිහාත් බලලා සෝයෝන්ගේ මල් පොකුරට ලගින්ම තිබ්බේ කලින් වගේ සෝයෝන්ගේ මල් පොකුර ඈත් නොකර..ඒක දිහා යුන්ගි තමන්ගේ අත් දෙකත් බැදන් බලන් හිටියේ හිස් බැල්මෙන්..

මල් පොකුරු තුන තියලා එමා ඔලුව හරවලා බැලුවේ එයා එක්ක ආව යුන්ගි කෝ කියලා..යුන්ගි දිහා බලලා ඔලුවෙන් තමන් ලගට එන්න කියපු එමා එතනම දණ ගහගෙන ගෙනාපු ඉටිපන්දම් වලින් ටිකක් යුන්ගිට දුන්නේ එයාටත් පත්තු කරන්න කියලා අගවන ගමන්..කිසිම කතාවක් නැතුව යුන්ගි ඉටිපන්දම් ටික පත්තු කරද්දී යුන්ගි ඇස් නතර වුනේ ජන්ග්කුක්ගේ සොහොන් කොතේ ගහලා තිබ්බ ජන්ග්කුක්ගෙ පොටෝ එකට..ඒ පොටෝ එක දකිද්දී යුන්ගි හිතුනෙ එක දෙයයි..

"අද හිටියා නම් ලස්සනට ඉදී මේ පොඩි කොල්ලා..."

තමන්ගේ ජීවීතේ දාලා යද්දී ජන්ග්කුක්ට යාන්තමින් වයස අවුරුදු 18 ක් පිරුනා විතරයි..ඉතින් ඒ වෙද්දීත් ජන්ග්කුක්ගේ තිබ්බේ හරිම හුරතල් ඒ වුනත් කෙනෙක් ආයේම පාරක් හැරිලා බලන අමුතුම ලස්සනක්..

ඔව්..යුන්ගි හරි..මේ වෙද්දී ජන්ග්කුක් හිටියා නම් ගොඩාක් ලස්සනට ඉදී..

ඉටිපන්දම් පත්තු කරන අතරේ එමාට මතක් උනේ පොඩි කාලේ එයාගේ ගුකී එක්ක ගෙවුන දවස්..

සොයොනා එක්ක රණ්ඩු වෙන ගුකී..ගුකී සෙල්ලම් කරද්දී හොර කලා කියලා අඩාගෙන තමන් ලගට දුවන් එන සෝයෝන්ව නලවන්න ඒත් එක්කම දුවන් එන ගුකී..වයසින් වැඩි වෙද්දී එමාවත් සෝයෝන්වත් බලාගන්නවා කියපු එයාගේ චූටි ගුකී..එමාට වේදනායි..ඒකට හේතු දෙකක් එවෙලේ තිබ්බා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now