シ︎Chapter 30 シ︎

220 40 45
                                    

ජන්ග්කුක්ගේ පපුවට තමන්ගේ කේන්තිය පිට වෙනකන්ම ගහපු සෝයෝන්ව ජන්ග්කුක්ව තල්ලු කරලා ඈත් වෙලා අත් දෙකත් බැදගෙන කාර් එකට හේත්තු වුනේ බොරු තරහක් මවාගෙනම..සෝයෝන්ගේ අතකින් අල්ලලා තමන් ලගට ඇදලා ගත්ත ජන්ග්කුක් කාර් එකේ ඩෝ එකත් ඇරලා සෝයෝන්ව දාලා වැහුවා..

සෝයෝන්ව පණ නෑ වගේ කෙලින්ම පැසේන්ජර් ශීට් එකේ ඉන්ද වෙද්දී එයා ඇස් දෙකත් ලොකු කරන් කාර් එකට නගින්න හදන ජන්ග්කුක් දිහා බලන් හිටියා..

ජන්ග්කුක් කාර් එකට නැග්ගට පස්සේ කාර් එකේ ලයිට් එක ඔන් කරලා එයාගේ බ්ලේසර් එක ගලවලා පිටිපස්සට දාලා දාන් හිටිය ටයි එකත් බුරුල් කරලා ශීට් බෙල්ට් එක දාගත්තේ ලොකු ගමනකට මුල පුරන්න ලෑස්ති වෙන ගමන්..

"සෝ..ශිට් බෙල්ට්.."

ජන්ග්කුක් කාර් එක ස්ටාර් කරලා වටපිටාව බලලා පාකින් එකෙන් ඉස්සරහට යනවත් එක්කම කිව්වේ සෝයෝන් තවමත් ශිට් බෙල්ට්වත් නොදා හිටපු නිසා..

"ආහ්..හරි.. "

ජන්ග්කුක්ගේ කට හඩින් ආයේම මේ ලෝකේට ආව සොයෝන් ශිට් බෙල්ට් එකත් දාගෙනම ජන්ග්කුක් දිහා හැරුනා..ටික වෙලාවක් යනකන් දෙන්නා අතර කිසි කතාවක් නැතුව නිහඩ බවක් තියෙද්දී ජන්ග්කුක් ඒකට අකමැති වුනත් එයා මුකුත් නොකියා හිටියේ සෝයෝන් ඉන්න විදිය දැක්ක නිසා..

ශිට් එකට බර වෙලා ශටර් එකෙන් සෝයෝන් බලන් හිටියේ මහන්සි පෙනුමකින්..ඔව් සෝයෝන්ට මහන්සි ගොඩාක්..මොකද එයා මේ දවස් වල ඕනෑවටත් වඩා එයාගේ ඩියුටි එක වෙනුවෙන් මහන්සි වුන නිසා..

ඒත් එහෙම ටික වෙලාවක් ගෙවුනත් දෙන්නා අතර නිහඩබව බිදිමින් සෝයෝන්ම කතා කලා..

"ගුකි අපි මේ කොහෙද යන්නේ.."

ඉස්සරහා බලාගෙන තමන්ගේ පාඩුවේ ඩ්‍රයිව් කරන ජන්ග්කුක් දිහා බලලා සෝයෝන් අහද්දී ජන්ග්කුක් ඉස්සරහා බලාගෙනම උත්තර දුන්නා..

"පොඩි ගමනක් සෝ..ඇයි ඉවසන් ඉන්න බැරිද ඔයාට.."

ජන්ග්කුක් කට කොනක හිනාවක් තියන් අහද්දී සෝයෝන්..

"එහෙම එකක් නෙමෙයි..මම මේ කල්පනා කලේ මේ රෑ වෙලා තියෙන එකේ ඔයා මාව කොහෙද එක්කන් යන්නේ කියලා..අනික ඔම්මායි අප්පායි දෙන්නත් බලන් ඇති මම එනකන්..මම කිව්වා අද වෙනදට කලින් එනවා කියලා.."

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now