Beautiful morning 🌄 (06)

3.5K 664 326
                                    

🐰: අජුම්මා.....!!!! මෙන්න මිනි මරනෝ.....!!!!!

👩: අනේ පොඩි බෙබී ඕක නවත්තන්න ඒ ලමයාගේ හුස්ම හිර වෙයි.......

🐯: මං තමුසේව ඉතුරු කරන්නේ නැහැ වල් හාවා.....

ජන්කුක්ගේ බෙල්ල අල්ලන් ඉස්සරහට පස්සට ටේහියුන්ග් හොලවන්න ගද්දි ජන්කුක්ද ඒ තාලේටම ඉස්සරහට පස්සට වැනෙන්න ගත්තා......

හ්ම්ම්ම් ඇයි මේ ටේහියුන්ග් ජන්කුක්ගේ බෙල්ල මිරිකගෙන ඉන්නේ....

(විනාඩි කිහිපයකට පෙර...)

🐯: මං තමුසේට කිව්වේ නවත්තන්න කියලා නේද......??????!!!!!!!!!!

ටේහියුන්ග් මේසේටත් සද්දෙන් ගහගෙන එහෙම නැඟිටිද්දි ඒකවත් ගනන් නොගත්ත ජන්කුක් ආයේම හුනෙක් වගේ සද්දෙන් කන්න ගත්තා....

🐰: චොක්....චොක්....චොක්.....

🐯: අජුම්මා මේ කොල්ලාට කියන්න නවත්තන්න කියලා.....

👩: පොඩි බෙබී ඒ ලමයා පුංචි දරුවෙක්නේ කේන්ති ගන්නේ නැතුව හොඳින් කියලා බලන්න....

🐯: මේකාට හොඳින් කියන්න ? අජුම්මා මට විහිලු කරනවාද අහ් ? මං මෙච්චර වෙලා හොඳින් කිව්වා නේද....නවත්තනවා ජන්කුක්...නැහැදිච්ච ලමෙක් වගේ කෑම කනවා.....

🐰: මං නේ කන්නේ ඔයා නෙමෙයි නේ....පාඩුවේ ඉන්නකෝ ඔයා....බලන් ඉන්න බැරි නම් ඔයාත් මං වගේම කන්න...සුසුසුසුසුසු.......

කෑම කටේ පිරවගෙන කතා කරපූ ජන්කුක් අවසානේ එයාගේ තොල් දෙක මැද්දේ තිබ්බ spagetti කෑල්ල උඩට උරන්න ගත්තා.....

එකේ දාලා තිබ්බ tomato sauce ටික ජන්කුක්ගේ කට වටේම ගෑවුනාම ලඟ තිබ්බ ටිශූ එක අතට නොගත්ත ජන්කුක් ඒ වෙනුවට එයාගේ කට ගාවට ලං කරේ ටේහියුන්ග් එයාට උදේ ඇන්දුව බෙබි බ්ලූ ටී-ශර්ට් එක.....

🐯: ආආආආආ....මගේ ටී-ශර්ට් එක ඔය.....

ටේහියුන්ග් එහෙම කෑගහන ගමන් ජන්කුක්ගේ ලඟට දඩිබිඩියේ ඇවිත් ජන්කුක් ඇඳුමෙන් කට පිහිදාන්න කලින් ඒ ටීශර්ට් එක කට ලඟින් ඇදලා ආයේ පහතට දැම්මාම ටේහියුන්ග් දිහා රවලා බලපු ජන්කුක් අනිත් පැත්තටම ටේහියුන්ග්ගේ ඇඳුමේ යටි කොටසින් කට පිහිදාන්න ගත්තා......

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now