Gentlemen 🕴️(32)

3.1K 577 311
                                    

අජුම්මාට තමන්ගේ ලඟම නෑදෑ වෙන කෙනෙක්ගේ මරනයක් ආරංචි වෙද්දි අජුම්මාට දැනුනේ එයා දෙපැත්තකට හිර වෙලා වගෙයි....

එයාට එක පැත්තකින් මලගෙදරට නොයා ඉන්න බැහැ වගේම තවත් පැත්තකින් ටේහියුන්ග්ව ලොකු මැන්ශන් එකක් ඇතුලේ තනියම දාලා යන්නත් බැහැ....

නමුත් ටිකකින් දැන් ටේහියුන්ග් තනියම නෙමෙයි නේද ඉන්නේ කියලා මතක් උන අජුම්මා අවසානේ හිත හදාගෙන ටේහියුන්ග් ලඟට ආවේ දවස් කිහිපයකට නිවාඩුවක් ගන්න අවසර ඉල්ලන්නයි....

👩: මට දවස් පහකට වගේ නිවාඩුවක් ඕන.....

🐯: වට්...!!!

අජුම්මා හෙන ගහන්න වගේ කිව්ව කතාවට පුදුම උන ටේහියුන්ග් එයාගේ කනටත් ටිකක් ඇඟිල්ල ගහලා හෙලෙව්වේ එයාට කලින් ඇහුන දේ ඇත්තමද කියලා බලන්නයි....

🐯: අජුම්මා කිව්වේ නිවාඩුවක් ගැනද...? දවස් පහක ?

👩: ඔව් පොඩි බෙබී...මට එහෙට නොයා ඉන්න බැහැ....නමුත් මං පොරොන්දු වෙනවා මට ඊට කලින් එන්න පුලුවන් උනොත් මං අනිවාර්යයෙන්ම වේලාසන එන්නම් කියලා....

🐯: අජුම්මා එත් දවස් පහක් කියන්නේ ලොකු කාලයක්....ඒක දවසක් නම් කමක් නැහැ...අනික එතකොට මං කන්නේ කොහොමද ? අජුම්මා දන්නවා නේ මං කඩවල් වල කෑම වලට එච්චර ආස නැහැ කියලා...

👩: මං ඒක දන්නවා පොඩි බෙබී...මං ඒකට හරියන්න කෑම ටිකක් ෆ්‍රීසර් එකට දාලා යන්නම්....අනිත් එක පුංචි බෙබීත් ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ නේ....

🐯: අජුම්මා මේ වම්බොට්ටා එක්ක මාව තියලා ගිහින්ද බය වෙන්න දෙයක් නැහැ කියන්නේ....එහෙනම් අජුම්මාට වැරදිලා.....අජුම්මාට මං අද කිව්වායි කියලා හිතා ගන්න...මූ හුනු බිත්තරයක් වගේ හිටියාට ඇත්තටම එහෙම නෙමෙයි...

🐰: මෙහ් ටෙටේ...එන්න එපා මට හුනූ බිත්තරයා කියාගෙන හරිය...දෙන්නේ තාන්කුරුල්ලා ගැලවිලා විසික් වෙන්න....

🐯: දැක්කා නේ අජුම්මා දැක්කා නේ...මූ දැන්ම ඉදන් ඔහොම නම් අජුම්මා මෙහෙන් ගියාම මූ මාව හෙලුබැල්ලෙන් බාල්කේ එල්ලලා තියෙයි අජුම්මා....අනේ මාව දාලා යන්න එපා අජුම්මා....මට මෙච්චර තරුණ කාලේදිම හෙලුබැල්ලෙන් බාල්කේ එල්ලෙන්න බැහැ....

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now