cigarette smell 🚬(28)

2.7K 591 336
                                    

....NEXT DAY.... 🌄

*

*

*

උදෑසන කාමරේ දාලා තියෙන තිර රෙදි අතරින් කාමරේට පතිත උන හිරු රශ්මිය නිසා මුලු කාමරේ ඇතුලෙන්ම අමුතු උෂ්ණත්වයක් නැගෙද්දි ජන්කුක් නින්දෙන්ම එයාගේ ඇඟේ පටලවගෙන හිටිය ඩුවට් එක කකුලකින් තල්ලු කරලා ඇඳෙන් බිමට දැම්මා.....

: ඔය මහත්තයා දැන් නැඟිට්ටොත් හොඳ නැද්ද ?

ජන්කුක් අත් කකුල් හතර විහිදගෙන ටේහියුන්ග්ගේ මුලු ඇඳම බදාගෙන ආයේම නිදා ගන්න සැරසුනාත් එයාට යාන්තම් වගේ ඇහුනේ ගැඹුරු එත් හුරුපුරුදු කට හඬක්.....

: ජන්කුක් මං දන්නවා ඔයා ඇහැරිලා ඉන්නේ කියලා....කෝ දැන් ඔය ඇති නැඟිටින්න....

🐰:හ්ම්ම්ම්.....තව සුට්ටක් ඉන්නම්කූ....

අයේමත් ජන්කුක්ට කලින් වගේම ඒ හඬම ඇහෙද්දි ඇඳේ පෙරලි පෙරලි කෙඳිරි ගාන්න ගත්ත ජන්කුක් තමන්ගේ හුරතල් වොයිස් එකෙන්ම එහෙම උත්තර දෙන ගමන් තොල් දෙක තලුමරනවා වගේ හොල්ලන්න ගත්තා.....

: ජන්කුක් මං ආයේ කියන්නේ නැහැ....නැඟිටින්නයි කිව්වේ දැන්මම....

🐰: අනී ඉන්න දීපන්කෝ...

: මෙකාගේ කට යකෝ.....ජන්කුක් මං ඔතනට එන්න කලින් නැඟිටිනවා දැන්මම......!!!!

කාමරේ ඇතුලේ හිටිය අනිත් එක්කෙනා එහෙම කෑගහන ගමන් ලඟ තිබ්බ මේසේකට වගේ දෙයකට වේගෙන් පාරක් ගහද්දි ඒ සද්දෙට උඩ ගිහින් ඇහැරුන ජන්කුක් ඉක්මනින් ඇඳෙන් ඉද ගත්තා.....

හරියටම මොනාද උනේ කියලා ජන්කුක්ගේ මොලේ තාම තේරුම් ගන්න අතරේ ජන්කුක් ඇහේ කබ ගලව ගලව අනිත් අතෙන් කට දිගේ බේරිලා ගිහින් තිබ්බ කුණු කෙල ටිකත් පිහිදගෙන එයාගේ දකුණු පැත්තට ඔලුව හැරෙව්වාත් හරි ඊලඟ තප්පරේ ගැස්සිලා ඉදගෙන ඉන්න තැනිනුත් අඩියක් පස්සට උනේ ඇඳ ඉස්සරහම පුටුවක් තියාගෙන අත් දෙකත් පපුව මැද්දේන් බැදගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න ඒ පුද්ගලයාව දැකලා.....

🐰: ට්...ට්...ටෙටේ හුන්ගී....?

ටේහියුන්ග්ගේ හැඟීම් විරහිත නපුරු මුහුන දැක්ක ජන්කුක්ට කෙල ගුලියක් ගිලිලා ගියේ ඉබේම වගේයි.....

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now