The secret of smile...🍃(42)

3K 600 364
                                    


දවල් වරුවේ මිල්ක්ශෙක් එකකින් විතරක් බඩ පුරෝ ගත්ත ටේහියුන්ග් එතනින් පස්සේ පැය පහක් හයක් විතරම තමන්ගේ කාමරේ සූව නින්දක පසු වෙමිනුයි හිටියේ....

නිතර නිතර ටේහියුන්ග්ගේ කාමරේට ජන්කුක් ඔලුව දාදා ගියාත් ජන්කුක් තියා අජුම්මාවත් ටේහියුන්ග්ගේ නින්දට බාදා කරන්න ඒ කිසිම වේලාවක පෙලඹුනේ නැහැ....

හවස හයට විතර සංසුන්ව නිදාගෙන හිටිය ටේහියුන්ග් ගැස්සිලා ඇහැරුනේ නින්දෙදී පවා එයාට උදේ වරුවේ කම්පැනි එකේදි උන සිද්දිය මතක් වෙලා....

ඉර බැහැගෙන යන වේලාවේ මුලූ කාමරේම අඳුරක තියෙද්දි ටේහියුන්ග් ඇඳෙන් කෙලින් වෙලා එයාගේ කොන්ඩේ ඇද ගන්න ගමන් කකුල් දෙක අස්සේ ඔලුව ගගහා ගත්තා.....

ආයේම සැරයක් උදේ වෙච්ච සිද්දිය නැවත නැවතත් මතක් කරමින් හිටිය ටේහියුන්ග් ඇඳෙන් බැහැලා පැත්තටකට විසි කරපූ ෆෝන් එක අහුලගෙනවිත් ආයේම ඇඳට නැග්ගා.....

තමන් බලාපොරොත්තු උනා වගේම තමන්ගේ ප්‍රජෙක්ට් එකට උදව් වෙන්න කැමති උන ආයතන හැම එකකින්ව වගේ ටේහියුන්ග්ට කෝල්ස් , ඊමෙයිල්ස් ඇවිත් තියෙද්දි එයාලා කතා කරන්නේ හොඳකට නම් නෙමෙයි කියලා හොදාකාරවම දැනන් හිටිය ටේහියුන්ග් හුස්මක් පහල දාන ගමන් ඇවිත් තිබ්බ හැම මිස් කෝල් එකකටම ආයේ කෝල් කරන්න ගත්තා....

🐰: අජුම්මා මේ , මං අල ගෙඩියකින් මනුස්පයෙක් හැදුවා....

👩: කෝ බලන්න...

කුස්සියේ මේසේ උඩ cutting board එකක් තියන් අජුම්මා දුන්න පුංචි පිහි තලෙත් අරන් අජුම්මාට උදව් වෙන්න කියලා හිතන් හිටපූ ජන්කුක් අල ගෙඩියකුත් උස්සගෙන පැය භාගයක් විතර තිස්සේ බර වැඩක යේදිලා ඉදලා අවසානේ ඒ වැඩේ ඉවරයක් කරා....

👩: මේ මොකෙක්ද පුංචි බෙබී මේ...?

🐰: මේ ඇවිල්ලා පොටෑටෝ හූමන්...

👩: මොක...? පොටෑටෝ හියුමන්...?

🐰: ඕඕඕ....හොඳයි ද ?

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now