9.

1.8K 333 135
                                    

ජන්කුක් එයාගෙ කාමරේට ඇවිල්ලා. ටයි එක පොඩ්ඩක් බුරුල් කරලා ඇඳට වැටුණේ ඇස් දෙක පියා ගන්න ගමන්.

ආෂ් ඇයි මන් එයා ගැන තරම් වද වෙන්නේ එයා මගේ ඔෆිස් එකේ අනිත් අය වගේම නිකන් සේවකයෙක් විතරයි. මගේ කටින් අද කියන්න ඕනේ නැති දේවල් ගොඩක් කිය වුණා. ඇයි මට එයා දැක්කම කතා කරන්න ඕනේමයි කියලා හිතෙන්නේ.
මෙච්චර කාලෙකට මන් දැක්ක ලස්සනම කෙනා එයා.
මට එයාව යාලුවෙක් කර ගන්න ඕනේ ඇති. ඒකයි මන් එහෙම හැසිරුණේ.
ඒත් මන් සුගාලා එක්ක එහෙම නැහැනේ.. ආෂ් මගේ ඔලුව මිස්ටර් කිම් ඔයා ගෙදර ඇවිල්ලත් මට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ..
දැන් ඉතින් හෙට උදේ වෙනකම් ඉන්න ඕනේනේ එයා බලන්න.. මොකද කරන්නේ....

ජන්කුක් ඇඳේ හාන්සි වෙලා කාමරේ සිවිලිම දිහා බලාගෙන තනියම කතා කරන්න ගත්තෙ. එයාගෙ හිතට කිසිම නිදහසක් නැති නිසා. ජන්කුක් කල්පනා ලෝකේ ගිලිලා ඉද්දි. ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ජන්කුක් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලලා කෝල් එක ආන්සර් කරලා ස්පීකර් ඔන් කලා.

කියන්න චං...

සර් ලොකු අවුලක්..

ඇයි මොකක්ද ප්‍රශ්නේ..
ජන්කුක් ඉක්මනට ඇඳේන් ඉඳගෙන ඇහුවේ. එක පාරට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න බැරි වුණ නිසා.

සර් CELINE බ්‍රෑන්ඩ් එකේ අලුත් මේල් ඩ්‍රස් වගයක් එයාලා අනිද්දට අවුට්ලට් කරනවලු.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now