ᴘᴀʀᴛ 5

617 141 22
                                    

Author Pov

අදට මාසයක් වෙනවා ජන්කුක් එයා ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන....එයා දැන් වෙනදටත් වඩා තමන් ගැන කෙයා කරන්න පටන්ගත්තා....එයා දැන් කන්නේ එක්කෙනෙක්ට නෙවේ....දෙන්නෙක්ට....එයාටයි එයාගේ චූටි පැටියටයි....ඔව් එයාගේ පැටියා....ජිමින් එයාව දාලා ගිය දවසෙන් පස්සේ ජිමින්ට "පැටියගේ තාත්තා" කියන නම නැතිවුනා....

ජන්කුක් හැමතිස්සෙම තමා කන බොන දේවල් ගැන හොදට සැලකිලිමත් උනා....එයාටයි බබාටයි අහිතකරන කිසි දෙයක් කන්නේ බොන්නැති වෙන්න එයා පරිස්සම් උනා....අද එයා ඩොක්ටර් කෙනෙක්ගාවට යනවා අපොයින්මන්ට් එකකට....ඒ වගේම දැන් ජන්කුක්ගේ ඔලුවේ තිබ්බේ එයා ඩොක්ටර්ට කියන බොරුව මොකක්ද කියලා......

එයා දැන් ඉන්නේ එයාගේ බේබි මිරර් එක ඉස්සරහා ලෙන්සස් දාන ගමන්....එයාගේ රතු ඇස් වැහෙන්න එයා දැම්මේ ලා දුඹුරු ලෙන්සස්....එයා මනුස්සයෙක් විදිහට ඉද්දි තිබ්බ ඇස්වල පාටමයි ඒ ලෙන්සසුත්.....ඒක දාගෙන ඉවර උනාම එයා හිනාවෙලා එයාගේ බම්ප් එක අතගෑවේ ගොඩක් ලොකු ආදරේකින්...........

ඊටපස්සේ එයා රූම් එකෙන් එලියට ඇවිත් ඩෝ එකත් ලොක් කරලා හොස්පිට්ල් එකට යන්න පිටත් උනා....

ජන්කුක් සින්දුවකුත් මුමුන මුමුන කම්මැලිකමේ ඉන්නේ එයාගේ නම අඩගහනකන්....ටිකකින් එයාගේ නම අඩගැහුවම එයා ඩොක්ටර්ගේ කැබින් එක අස්සට ගියා.....ඩොක්ටර්ට හිනාවුනු ජන්කුක් පරිස්සමින් පුටුවේ ඉදගත්තා....

"හායි මිස්ටර් ජියොන් නේද...!"

ඩොක්ටර් ඇහුවම ජන්කුක් ඇගිලිවලින් සෙල්ලම් කර කරම ඔලුව වැනුවේ ඔව් කියන්න...

"හ්ම් ඇයි ඔයා මෙහෙට ආව කාරනාව...!?"

ඩොක්ටර් ඇහුවම ජන්කුක් හිනාවෙලා එයාගේ බම්ප් එක අතගෑවා.....

"ඔහ් ඔයා ප්‍රෙග්නන්ට්...!දැන් කොච්චර කාලයක් වෙනවද...!"

ඩොක්ටර් ඇහුවේ එයාගේ ක්ලිප්බෝඩ් එක අතට ගන්න ගමන්....

"ඔ ඔහ් ම්ම් මාස 2යි නෑ නෑ 3යි ...!".

ජන්කුක් ගොත ගගහ කිව්වේ ඒක තමා දැනට එයාගේ බම්ප් එකට ආසන්නම මාස ගාන නිසා....

ඔලුව හොල්ලපු ඩොක්ටර් හිනාවෙලා නැගිට්ටා....

"මෙහෙන් එන්නකෝ මිස්ටර් ජියොන්..."

ඩොක්ටර් කියපුදේ කරපු ජන්කුක් එයාට ඇදේ දිගාවෙන්න කිව්වම එයා දිගාවුනා....

"මේක ටිකක් සීතලයි මිස්ටර් ජියොන්..."

ඩොක්ටර් කිව්වම ඔලුව හොල්ලපු ජන්කුක්ට දැනුනා එයාගේ බඩේ සීතල ජෙල් එකක් ගානවා....Wand එක අතට ගත්ත ඩොක්ටර් ඒක ජන්කුක්ගේ බඩ වටා යවන්න ගත්තේ බඩ ඇතුලේ සූටි බෝලයක් වගේ ඉන්න බබාව මොනිටර් එකෙන් එයාලට පෙනිද්දි.....

"මේ ඉන්නේ ඔයාගේ බබා මිස්ටර් ජියොන්...ම් මොකක්?!එ එයා ගොඩක් වේගෙන් වැඩෙනවා!!"

__________

හායි😁

කොහොමද මේක😁

මොනාහරි කොටන් යමු😁

ආඩලෙයි🙃❤️

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now