ᴘᴀʀᴛ 15

491 118 14
                                    

Author Pov

ජිමින්ගේ ඇස් ලොකුවෙද්දි එයාගේ කටින් ගෙරවිල්ලක් පැන්නා...ඒක ඇහුනු මීජුන් ආයෙත් අඩන්න ගත්තා...

"ශ් ශ් අඩන්න එපා පැටියෝ...අපි ඉක්මනටම මමාව හොයාගමු හාද...කෝ කෝ අඩන්න එපා ම්ම්..."

ජිමින් කිව්වේ අඩන මීජුනාව උඩට පහලටයි බෞන්ස් කරන ගමන්....

"කෝ එන්න අපි ඔයාගේ බෑග් එකත් ලැස්ති කරන් ඔයාගේ යුන්ගි මාමාව බලන්න යන් හාද...කෝ යමු...".

ජිමින් කිව්වේ ආයෙමත් රූම් එක අස්සට යනගමන්.....

ජිමිනයි මීජුනායි එයාලට ඕන කරන ගෙදරට ආවා.....ජිමින් දොරට නොක් කලේ මේ රෙද්ද ඉක්මනට ඇරියානම් කියලා හිත හිත...මොකද එයාට වැඩි වෙලාවක් නෑ....එකපාර දොර ඇරුනේ කම්මැලි ඒත් ගොඩක් පේල් ස්කින් එකක් තියෙන මනුස්සයෙක්ව පෙනිද්දි...

"යු-හත්තික්කේ ජිමිනෝ කොහෙන්ද මේ ලමයව කිඩ්නැප් කලේ....මොනා උනත් මේ ලමයා නම් කියුට් අප්පා...!"

යුන්ගි , එහෙමත් නැත්තම් ජිමින්ගේ සහෝදරයා කිව්වේ මීජුනාගේ කම්මුල් මිරිකන ගමන්....මීජුනා හිනාවෙන ගමන් යුන්ගි දිහාවට අත් දික් කලේ වඩාගන්න කියන්න වගේ.....

"හියුන් ඔව් එයා කියුට් මොකද මේ මගේ ලමයා...එතකොට මෙයාගේ අම්මා පිරිමි කෙනෙක්....!"

ජිමින් කිව්වේ මීජුනාව යුන්ගි අතට දීලා ගේ අස්සට යන ගමන්....

"හ්ම් ඉතිජ් ඇයි ඔයා මෙහේ?මන් හිතුවේ ඔයා දැන් නම්ජූන් එක්ක ඇති කියලා..."

යුන්ගි කිව්වේ හිනාවෙන මීජුනාවත් අත් අතර තියන් ජිමින් එක්කම ඇතුලට යනගමන්.....

"මන් මීජුනාව මෙහේ තියලා යනව...මට ජන්කුක්ව හොයාගන්නෝන....!"

"ජන්කුක්?මන් හිතුවේ ඔයා ඒ ජන්කුක්ව අතෑරල දැම්මා කියලා...අනික මේ ලමයා කාගෙද..?මන් ඇහුවේ අම්මා කෞද?!"

යුන්ගි ඇහුවේ ඇහිබමක් උස්සන ගමන්...

"ජන්කුක්....මේ ලමයා එයාගේ.....අපේ...."

ජිමින් කිව්වෙ එයාගේ කොන්ඩේ පිටිපස්සට දාන ගමන්.....

"හ්ම් මොකක්ද හරියටම උනේ කියහන්...!"

යුන්ගි ඇහුවේ ජිමින්ට එහාපැත්තෙන් වාඩිවෙන ගමන්......

"අර මගේ තරහකාරයා!ඒ භල්ලා ජන්කුක්ව අරන් ගිහින්!"

ජිමින් කිව්වේ ආයෙමත් එයාගේ ෆෑන්ග්ස් වගේම රතු ඇස් පෙනෙන්න ගද්දි.....

"මොකක්!ඌ ආයේ ඇවිල්ලද?!මන් හිතුවේ අපි ඌව මැරුවා කියලා..!!"

යුන්ගි කිව්වේ එයාගේ කටහඩ ගොඩක් සීරියස් වගේම ෆෝකස් වෙද්දි......

"මන් දන්නෑ....මන් මෙයාලව මගේ ගෙදරට එක්ක ආවේ එතන ආරක්ෂිතයි කියලා..ඒත් මේ තිරිසනා මගේ ගේ තියෙන තැනත් හොයාගත්තා...!!"

ජිමින් කිව්වේ මීජුනා දිහා බලාගෙන.....

"හ්ම් හියුන් මට උදව්වක් කරනවද?!මීජුනාව මෙහේ තියාගන්න....මන් ජන්කුක්ව එක්කන් එන්නම්....ඒ වගේම මීජුනා සේෆ්ලි බලාගන්න...!"

"අනිවාරෙන් ජිමින්....!"

__________

හායි🌚

ඊයේ ඉවර කරන්න බැරි උනා අනේ😒

ක්ලාස් තිබ්බනේ🙂👌

කමක් නෑ🌚

අද ඉවර කරන්න බලමු🌚

හී😁❤️‍

ආඩලෙයි🌏💞

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now