ᴘᴀʀᴛ 9

699 131 18
                                    

Author Pov

"ඒ මගේ සූටි මීජූන්ට බඩගිනිද ම්ම්?ඔහ් එහෙනම් අපි ගිහින් කුක්කු ටිකක් බොමු හාද..."

ජන්කුක් මීජූන්ගේ බඩ කිචිකවන ගමන් කිව්වම මෙච්චර වෙලා අඩ අඩ හිටපු මීජුන් හිනාවෙවී මොනාදෝ නොතේරෙන අහිංසක වචන ටිකක් එයාගේ පපාට කිව්වා....මීජූන්ගේ බඩට හුලං පිඹපු කුක් එයාව පරිස්සමට වඩාගත්තා....

මීජුන්ව වඩාගත්තු කුක් පහලට ගියේ හැමතිස්සෙම ඉඹින මීජූන්ගේ ඒ කම්මුල ආයෙමත් ඉඹගන්න ගමන්....

කිචන් එකට ආව කුක් මීජුන්ව පරිස්සමට එයාගෙ හයි චෙයා එකේ තියලා ගියේ මීජුන්ට කිරි හදන්න....

ජන්කුක්ට හිනාගියේ එයාගේ බබා ඒ කියන නොතේරෙන අහින්සක වචන වලට....සින්දුවක් මුමුණන එයත් බලන් ඉන්නේ දැන් මයික්‍රෝවේව් එකෙන් බීප් සද්දේ එනකන්.....

ආයෙමත් මීජුන් පැත්තට හැරුනු කුක් මීජුන්ගේ මුලු මූනෙම පරිස්සමෙන් පොඩි පොඩි කිස් තිබ්බා....

"කෝ බලන්න!ආහ්!කෝ බලන්න කෝ පපා ආ!කෝ මීජුනි බලන්න!"

කුක් එයාගේ බබා එක්ක සෙල්ලම් කලේ මීජුනා ලස්සනට හිනාවෙද්දි....කුක්ගේ අත අල්ලගත්තු මීජුන් එකපාරටම කුක්ගේ ඇගිල්ලක් කටේදාගත්තේ කුක්ගේ ඇස් ලොකුවෙද්දි....එහෙම්මම හිනාවුනු කුක් එයාගේ ඇගිල්ල එලියට අරන් බබාගේ කම්මුලක් මිරිකුවේ පරිස්සමට.....

"බබෝ ඔයාගේ කුක්කු එක රෙඩි වෙනකන් ඉන්න හාද...පපාගෙ ඇගිල්ල ඔයාගේ සූප්පුව නෙවේනේ බබෝ..."

මීජුනාගේ නලල ඉඹින ගමන් ජන්කුක් කිව්වම එකපාරටම මයික්‍රෝවේව් එකෙන් සද්දයක් ආවා....පැටියට පොඩ්ඩක් ඉන්න කියපු කුක් බොට්ල් එක අරන් ඒකේ රස්නේ බලලා මීජූනාගේ කටේ තිබ්බේ සූටි මීජුනා එක අතකින් බෝතලේ අල්ලගන්න ගමන් අනික් අත ජන්කුක් දිහාවට දික් කරද්දි.....
හිනාවුනු ජන්කුක් බබාව වඩාගෙන බබාගේ නහය එබුවත්.....කුක්ගේ ඇස් එකපාරටම ලොකු උනේ මීජුනාගේ ඇස් තද රතු පාටින් දිලිසෙන්න ගත්ත නිසා.....

කුක්ගේ ඇස් එකපාරටම ලොකු උනේ මීජුනාගේ ඇස් තද රතු පාටින් දිලිසෙන්න ගත්ත නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now