Chapter 5

121 28 13
                                    

''I know who exactly she is''

''හරි කවුද මන්''

''ලී කියෝ. ඔයාගෙ අම්ම ඔයා ඉපදෙනකොටම මිය ගිනින්. තාත්ත ඔයාට අවුරුදු 5 දි මැරුනා. ඊට පස්සෙ ලී ජන් ඔයාව හදා ගන ගත්තා.එයා ඔයාව ඒ වයසෙදිම වගේ බෝඩින් ස්කූල් එක්කට යැව්වා ඩේගු වල​. අවුරුදු 10කට පස්සේ ඔයා ආයෙත් සෝල් ආවා. අවුරුදු 18 දි හයි ස්කූල් එකෙන් ගරැජුවේට් උනාට පස්සෙ ඔයා කොලේජ් යන්න පටන් ගත්තා. එත් ඔයාගෙ තාත්තට ඕන උනා ඔයාව මැරි කරවන්න​. ඒත් ඔයා ඊයෙ වෙඩින් එකෙන් පැනල ආවා. එතකොට තමා අපේ බොස්ට ඔයාව හම්බුනේ

ඔයාල දෙන්න එකම කැෆේ එකේ වැඩ කලේ සහ එයා ඔයා ගැන ටිකක් ඉන්ටර්ස්ට්. ඉතින් එයා ඔයාව මෙහාට එක්කන් ආවා. අපේ බොසුත් එයාගෙ ගැන් ග් ඇකිටිවිටීස් වලට ආයෙ ජොයින් උනා ඒක නිසා එයත් පාර්ට් ටයිම් ජොබ් එකෙන් අයින් උනා.''

 සුගා විස්තර ටික කියන ගියාට පස්සේ ඇති උනේ නිශ්ශබ්දද තාවක්. හෝසොක් නම් තාමත් කටත් ඇරන් සුගා කියපු දේවල් පොරොසෙස් කන්නවා. කොටින්ම ජින් පවා සප්‍රයිස් වෙලා හිටියෙ එයත් කියෝ ගැන මෙච්චර විස්තර දැනන් හිටියෙ නැ.

''අම්මෝ ඔයා මට වඩා දේවල් දන්නවනෙ මන් ගැන​.'' කෙල්ල එහෙම කිව්වේ සුගා එයාගෙ රියල් අයිඩින්ටිටි එක දන්නැති වීම ගැන හිතෙන් සතුටු වෙමින්.

''කියෝ මන් දන්නෙත් ඔය කිව්ව දේවල් වලින් බාගයයි.'' ජන්කුක් කිව්වා.

''ඔයා ඉතින් මගෙන ඒ ගැන් ඇහුවෙ නැනේ.''

''ඔයාට මට ඒ ගැන් කියන්න තිබ්බ​.''

''ඔයා දන්නවනෙ ජන්කුක් මන් විවෘත කෙනෙක් නෙමෙයි කියලා.''

''මට විශ්වාසයි එයා ඔයාට එයාගෙ මිඩ්ල් ස්කූල් එකේ එයාගෙ හොදම යාලුව ක්‍රිස්ට ගැනත් කියන්නැතුව ඇති.''

කියෝ ඒක අහපු පාර එයා කකා හිටපු කැම එකත් ඉස්මොල්ලෙ ගියා. ජන්කුක් කෙල්ලට ටක් ගාලා වතුර බෝතලේ දුන්නා.කෙල්ලගෙ කැස්ස ටිකක් අඩු උනාම එයා සුගා දිහා බැලුවා.

''ඔයා ඒකත් දන්නවද​? මගෙ මිඩ්ල් ස්කූල් ක්‍රෂ් එක ගැන​.''

''ඒ ඔයාගෙ ඉන්ග්ලිෂ් ටීච නේද​? ඒ වගේම බාස්කට් බෝල් ප්ලේ කන්න සීනියර් කෙනෙක්.''

GANGSTER x AGENTWhere stories live. Discover now