CHAPTER 1

1K 152 22
                                    

" ඇල්ෆා ... මට සමාවෙන්න... මම ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ... "

"ඒත් මින්හ්‍යෝ ඔයා දිගටම ඒ වැරැද්ද කලානේ... ඔයා නවත්තනකන් මම බලාගෙන හිටියට ඔයා නැවැත්තුවෙ නෑනේ ... දැන් මම මේකට මැදිහත් උන නිසා මේක මගේ ක්‍රමේට විසදන්න වෙනවා..."

තමන්ගෙ ඉස්සහා අසරන වෙලා ජීවිතේ ඉල්ලන ඔමේගගේ මූන පුරාම තමන්ගෙ අතේ තියෙන කිනිස්ස යවන ගමන් ජිමින් ඒ ඕමේග කියන දේට ඇහුම්කන් දුන්නා...

" මින්හ්‍යෝ... තමුන් ඔමේගා කෙනෙක් කියන්නත් ලැජ්ජයි මට.... තමුන් කොහොමද අපේ පැක් එකේ පප්ස්ලව නීතිවිරෝධී වැඩ වලට විකිනුවෙ ... "

" ඇල්ෆා..ම..ම එහෙම කලේ නෑ ඇල්ෆා... මම ඒක හිතාමතා කලේ නෑ... ඇල්ෆා මට සමාවෙන්න "

ජිමින්ගෙ භාගෙට පියවුන ඇස් වල බැල්ම ලග ඔමේගා මින්හ්‍යෝ කලින්ටත් වඩා මරන බයෙන් දගලන්න ගත්තේ ජිමින්ගෙ කේන්තිය තවත් වැඩි කරලා....

" එකක් කියනවා ඕයි !!! තමුන් ඔමේගා කෙනෙක් කියලවත් තමුන් කෙල්ලෙක් කියලවත් බේරෙන්න පුලුවන් වේවි කියලා තමුසෙ හිතන්න එපා.... යාහ් !! මින්ගුක් මොන මගුලකටද කියනවා මගේ රට් එක ලං වෙද්දි මේ වගේ යකා ඇවිස්සෙන මගුල් ගේන්නෙ...ආශ් "

ජිමින් අතේ තිබ්බ කිනිස්ස වේගෙන් තමන්ගෙ ඉස්සරහා තියෙන ලී බිත්තියට ගැහැව්වෙ කිනිස්සෙන් බාගෙගටත් වඩා වැඩි කොටසක් බිත්තියෙ පසාරු කරගෙන රැදෙන විදියට...

" ඇල්ෆා... මට මේ සැරේට විතරක් සමාව දෙන්න ඇල්ෆා... මම ඇල්ෆගෙ රට් එකට උදව් කරන්නම් ඇල්ෆා... මගේ ඇග මම හැමදාටම උනත් දෙන්නම්... ඇල්ෆා .. මාව මරන්න එපා..."

තමන්ගෙ ඉස්සරහා ඉන්න ඕමේගගේ ඇග දිහා ඕනවට එපාට වගේ බලමු ජිමින් කට කොනකින් හිනාවෙලා එයාගේ විශ්වාසවන්ත දකුනු අත මින්ගුක් දිහාට හැරුනා...

" මින්ගුක් ... මින්හ්‍යොගෙ ඇගෙන් ගන්න පුලුවන් හැම දෙයක්ම අරන් ඒවා පාර්ක් හොස්පිටල් එකට ඩොනේට් කරන්න... "

" ඇල්ෆා !!! ඇල්ෆා !!! මම කියන දේ අහන්න ඇල්ෆා !!! මට මැරෙන්න ඕන්නෑ... ඇල්ෆා !!! මට එක අවස්තාවක් දෙන්න !!! ඇල්ෆා !! මට මැරෙන්න ඕන්නෑ... මාව බේරගන්-"

ඔමේගා මින්හ්‍යොන්ගෙ කෑගැහිල්ල ඉවර වෙන්නත් කලින් පැක් හවුස් එකේ බේස්මන්ට් එකෙන් එලියට ආපු ජිමින් හොද හුස්මක් අරන් පැක් හවුස් එකේ ඇල්ෆගෙ ඔෆිස් රූම් එකට ආවෙ ඉක්මනට පැක් හවුස් එකෙන් එලියට පැනගන්න ...

" පාර්ක් ජිමින් !!! මම තමුන්ව කීයෙ ඉදන්ද හොයන්නෙ ?! "




TO BE CONTINUE

_VIKII_

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now