CHAPTER 16

368 103 38
                                    

" මින්ගුක් හ්‍යුන් ඔයා මොකද මෙතන කරන්නේ...!? "

" ම..ම්..මම...මේ නිකන්..ඔහොම ඉන්න ඔක්කෝටම කලින් කියනවා ... ඔයා මොකද මෙතන කරන්නෙ "

මින්ගුක් එයාගේ මූන දිහා බලාගෙන ඉන්න රේගෙන් අහද්දි ඩොක්ට රේ කලේ මින්ගුක්ට කෑගහන්න එපා කියලා සිග්නල් කරලා මකියව පෙන්නනන එක....

" මින්ගුක් හ්‍යුන්... ඔයා මෙයාව අදුරනවද ? "

" ඔව්... මෙයාගේ නම මයිකි නේ...මම කිව්වෙ මෙයාගේ නම මයිකි...මම මෙයාව එක්කගෙන යන්න ආවෙ "

මින්ගුක් ඇහෙන නැහෙන ගානට කියද්දි ඩොක්ට රේ ඇස් දෙකත් පොඩි කරලා මින්ගුක් දිහා බලලා ආයෙ මකිය දිහා බැලුවා...

" හ්‍යුන්... ඔයා කාර් එකකද ආවෙ...මයිකිට අයිස් පැක් එකකුයි ප්ලාස්ටර් ටිකකුයි සේලයින්..."

" වෝව්... රේ යුන් මම කාර් එක නැවැත්තුවෙ ක්ලබ් එකේ කාර් පාර්ක් එකේමයි...ඔයා ඕනි කරන දේවල් ටික අරගෙන එන්න..."

ඩොක්ට රේ ඔලුවත් වනලා මකියව මින්ගුක්ගෙ ඇගට බර කරලා ඉක්මනට ආයේ ක්ලබ් එක ඇතුලට දිව්වා...

මින්ගුක් මකියා දාගෙන ඉන්න මාස්ක් එක දිහා බලලා ලොකු හුස්මක් පිට කරලා මකියව කාර් එක ලගට අරගෙන ගියා....

විනාඩි පහක් යද්දි ලොකු බෑග් එකකුත් අරන් ඩොක්ට රේ මින්ගුක් ඉන්න තැනට ආව ගමන් මින්ගුක් රේව කාර් එක ඇතුලට ඇදලා ගත්තා...

" රේ යුන්...මයිකිට  මෙහෙම ඉදන් මොනවත් කරන්න අමාරුයි...මම තමයි මෙතන ලොකුම අමාරුවක වැටිලා ඉන්නේ..."

" මගේ එපාර්ට්මන්ට් මාරු කලා ලගදි...අලුත් එපාර්ට්මන්ට් එක මේ ලගමයි විනාඩි විස්සකින් යන්න පුලුවන්..."

මින්ගුක් ඩොක්ට රේට උත්තරයක් දෙන්න කලින් කෙදිරි ගගා ඉන්න මකියා දිහා බැලුවා...

" යමු එහෙමනම් .... මෙයාට අමාරුයි වගේ හුගක්...අනික අපි දෙන්නටම පැහැදිලි කරගන්න දේවල් ටිකකුත් ඇති..."

" මම පිටිපස්සට යන්නම් මයිකිව අල්ල ගෙන ඉන්න...හ්‍යුන් ඩ්‍රයිව් කරන්න..මම ලොකේශන් කියන්නම්..."

මින්ගුක් ඩ්‍රයිව් කරන්න ගනිද්දි ඩොක්ට රේ ලොකේශන් කියන්න පටන් ගත්තා... මකියා දාගෙන ඉන්න මාස්ක් එක නිසා මකියට  හුස්ම ගන්න අමාරුයි ඇති කියලා හිතුනත් ඩොක්ට රේ ඒ මාස්ක් එකට අතවත් තිබ්බෙ නෑ...මොකද අන්තිම පාර ඒක කරන්න ගිහින් බැනුම් ඇහැව්ව කියලා ඩොක්ට රේට මතක තිබුනා...

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now