CHAPTER - 10

343 96 17
                                    

-යාහ්...පාර්ක් ජිමින් අපේ මේට්ට ඔහොම කියන්න එපා...එයා කද්දි හුරතල්

' මේ රොජර් කෙල්ලව හුරතල් හුරතල් කෙල්ලො දැකලා නැති අයට '

" ඇල්ෆා ජිමින්ට මම කන විදිය බලාගෙන ඉන්න අමාරුනම් ඔය ඇස් දෙක මගේ ලගින් එහාට අරගන්න...මම කිව්වෙ නෑනේ මම කද්දි මගේ දිහා බලන් ඉන්න කියලා..."

මකියා ඇගට පතට නොදැනි එහෙම කියලා කලින් වගේම එයාගේ කෑම එක කන්න ගනිද්දි තරහට ජිමින්ගෙ කන්දෙකෙනුත් දුම් පිටවෙනවා වගේ දැනුනෙ...

" යාහ්... රොජර් කෙල්ල... තමුන් කවුරු කියලා හිතාගෙනද කතා කරන්නෙ ආ!!!! මමයි මේ පැක් එකේ හෙඩ් ඇල්ෆා..."

" හහ්...හෙඩ් ඇල්ෆා නිසා තමයි ඔච්චර හරි ගරු කලේ... ඔයාට මගෙන් ගරුත්වයක් ඕනෙ නම් මට මුලින් ගරු කරනවා ... අනික මට නමක් තියෙනවා...රොජර් කෙල්ල කියාගෙන විතරක් එන්න එපා!!!! " 

" තමුන් වගේ කෙනෙක්ට අපේ පැක් එකෙන් මේ තරම් හරි කරුනාවක් හම්බවෙච්ච එක ගැන සතුටු වෙනවා..."

අනුකම්පාවක් ? මකියා කිසිම දෙයක් නොකර ජිමින් දිහා කේන්තියෙන් බලාගෙන හිටියෙ...ඇත්තටම මකියා මේ ඉන්නෙ අනුම්පාවකට යටත් වෙලාද ? මකියා පොඩි කාලෙ ඉදන් වෛර කරපු අනුකම්පාවට යටත් වෙන්න උනාද මකිය?

"  පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! "

-" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා මට කොහොමත් පේන්න බෑ "

කේන්තියෙන් ජිමින්ව තල්ලු කරලා දාපු මකියා ජිමින්ට ඇහිපිල්ලමක්වත් ගහන්න වෙලාවක් නොතියා එයාගේ කාමරේ ජනේලෙන් පැන්නා....

මකියා පැක් හවුස් එකේ තුන්වෙනි තට්ටුවෙ ජනේලෙකින් පැන්නා කියලා තත්පර දෙක තුනකින් ජිමින්ට තේරෙද්දි ජිමින් ජනේලේ ලගට දිව්වෙ මකියට හොදටම බැන බැන....

ජිමින් බලාපොරොත්තු වුනේ අතක් පයක් කඩාගත්ත මකියා කෙනෙක් කෙදිරි ගගා ඉදීවි කියලා... ඒත් පල්ලෙහා මකියගෙ සලකුනක්වත් හොයාගන්න බැරි උනා...ඒ වෙනුවට මකියා ඇදගෙන හිටපු පිජාම එකේ ඉරුනු කෑලි කීපයක් බිම තිබුනා...

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now