CHAPTER - 5

448 117 14
                                    

" ඔහ්...හායි මකියා... ඔ..ඔයා අද හොදටම පරක්කුයි ....බලනවා දැන් වෙලා-"

මකියගෙ රූම් මේට් තාමත් එයාගේ අතේ තියන් ඉන්න කොට්ටෙත් එහාට මෙහාට කරන ගමන් මකියගෙ ගිනි පිටවෙන ඇස් වලින් හැංගෙන්න විදියක් හෙව්වා...

" වෝව්..වෝව්...ඔක්කෝටම කලින් කියනවා යූනා තමුන්ගෙ මෝඩ මොලේට තේරුනේ නැද්ද මේ මහ රෑ තමුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඇල්ෆා අපේ රූම් එක අස්සෙ රිංගවගෙන ඉන්නවා අහුනුනොත් අපි දෙන්නම මේ කාමරෙන් එලියෙ කියලා !!! "

මකියා කේන්තියෙන් තමන්ගෙ අත පයත් දික් කර කර රහසින් යූනට බනිද්ද ගද්දි යූනගෙ බෝයිෆ්‍රෙන්ඩ් හිමීට මකියා ලගට
ඇවිදගෙන ආවා..

" බට දිගේ උඩට පල්ලෙහට බඩගාන්න පුරුදු වෙන එකෙත් පාඩුවක් නැති වේවි..."

මකියා දිහාට ගොන් හිනාවක් දැම්ම යූනගෙ බෝයිෆ්‍රෙන්ඩ් මකියා හරස් කරන් ඉන්න ජනේලේ පල්ලෙහ වගේම බිත්ති දිගේ තියෙන බට දිහා බැලුවා....

" පුලුවන්නම් ඕකෙන් පල්ලෙහට පැනලා ඔය ඇල්ෆා බෙල්ල දෙකට කඩා ගන්නවා... "

" යාහ්.මකියා..!!!!ඔච්චර නපුරු වෙන්න එපා..."

යූනා තොලත් පිට පෙරලගෙන කෙදිරිගාන්න ගද්දි මකියා ඒක ගනන් ගන්නෙ නැතුව වොශ්රූම් එක පැත්තට ගියා...

" මම එනකොට කාමරේ අස් කරලා තියන්න යූනා.."

යූනා දිහාට දැඩි බැල්මක් දීලා යූනගෙ රිඇක්ශන් එකෙන් තෘප්තිමත් උනාට පස්සෙ මකියා වොශ් රූම් එක ඇතුලට රිංගගත්තා....

-දෙයියන්ගෙ නාමෙට ඔය තැලිලා තියෙන තැන තව කොහේහරි වද්ද ගන්නෙ නැතුව කරගන්න දෙයක් කරගන්න....

මකියගෙ වුල්ෆ් ඔම්මා කෙනෙක් වගේ මකියට උපදෙස් දෙන්න ගනිද්දි මකිය කලේ ඒ කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව ශවර් එකෙන් වැටෙන සීතල වතුර බින්දු වලට අවදානෙ දෙන එක...

.
.
.
.
.

ජිමින් හිටියෙ එයාට හුගක් වටින කෙනෙක්ගෙ ග්‍රේව් එකක් ලග... ජිමින් අකමැත්තෙන් උනත් ගෙනාපු ලැවැන්ඩර් සුවද ඉටිපන්දමේ දැල්ල හුලග එක්ක ඔහේ දගලද්දි ජිමින් ගේව් එකට හේත්තු වෙලා රෑ අහස දිහා බලන් හිටියා....

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now