CHAPTER - 7

421 103 13
                                    

" ගුඩ්මෝනින් මකියා... මම ඇතුලට එන්නද ? "

මකියා තාමත්  බාගෙට ඇරගත්ත දොරත් අල්ලගෙන පුදුමෙන් බලාගෙන ඉද්දි මිසිස් පාර්ක් ලේසියෙන්ම මකියගෙ කාමරේ ඇතුලට ගියා...

" මැඩම් මේ-"

" මකියා ඔය මුලින්ම ගිහින් මූන සෝදන් එන්න...ඔයාගේ ඇස් දෙකවත් පේන්නෙ නෑ ඔය කොන්ඩෙ හින්දා...මම උදේට කන්න මොනා හරි ඕඩර් කරන්නම් හොදද ... කෝ යන්න ඉක්මනට "

මකියා ඉක්මනට කොන්ඩෙත් අතින් හදන ගමන් බාතෲම් එකට රිංගත්තෙ ප්‍රශ්න ගොඩක් ගැන හිතන ගමන්...

-මොකද අර ගෑනු කෙනාට ඇතුලට එන්න දුන්නෙ ?එයා ඔයාගෙ නම දන්නෙ කොහොමද ?

" දැක්කෙ නැද්ද එයාම තමයි එක පාරට ඇතුලට කඩන් පැන්නෙ... මම දන්නෑ එයා මගේ නම දැමගත්තෙ කොහොමද කියලා

-පුහ්...දැන් මොකද ඔයා ඒ ගෑනු කෙනා කිව්ව ගමන් මූන සෝදන්න ආවෙ ?

" යාහ්... මනුස්සයෙක් ඉස්සරහා මට එහෙම පෙරේතයෙක් වගේ ඉන්න පුලුවන්ද ... මෝඩ වුල්ෆ් "

මූන සෝදගෙන් බාතෲම් එකෙන් එලියට ආව ගමන් මකියගෙ නහය පුරවලා ආපු කෑම සුවද නිසා දෙපාරක් නොහිත මකියා මිසිස් පාර්ක් හිටපු තැනින් වාඩිඋනා...

" මුහුදු පැලෑටි සුප් , බත් , එග් රෝල්  .... මෙච්චරයි මම ඕඩර් කලේ... මේ ඇතිද ඇත්තටම ? "

මිසිස් පාර්ක් ඔලුවත් කස කස තනියම කියවන හැටි දැක්ක මකියට ලාවට හිනා ගියා...

" මැඩම්...ඇත්තටම මේ වැඩිත් එක්ක...අපි කමු නේද ? "

" මමත් ? "

" ඇයි මැඩම්ට බඩගිනි නැද්ද? "

"මම හිතන්නෙ මට බඩගිනී "

කිසිම කතාබහක් නැතුවම කෑම එකින් එක අතුරුදහන් වෙද්දි කෑම නිසාම මකියව සතුටින් පිරිලා තිබ්බෙ ....

" මකියා.. ඔයාගෙ ඇස් දිලිසෙන්න හරියට ජීවිතේ පලවෙනි පාරට කෑම එකක් කෑවා වගේ... ඒ තරම් රසද මේවා ? "

" ඔව් මම හිතන්නෙ...මම මේ ටික අස්කරලා ඉන්නම් ඉස්සෙල්ලා "

මකියා ඉක්මනට කාපු තැන අස් කරද්දි මිසිස් පාර්ක් ජෝගෙ කාමරේ දිහා හොදට බැලුවා...

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now