CHAPTER - 6

443 101 19
                                    

තමන්ගෙ ඉස්සරහා ඉන්න කොල්ල එක දිගටම තමන් දිහා ගිනිගන්න ඇස් එක්ක බලාගෙන ඉද්දි මකියගෙ මූනේ කිසි හැගීමක් තිබ්බෙ නෑ...

මේට්ගේ ෆෙරෙමෝන වලට අවදානෙ දෙන්නද , වටේ පිටේ ඇහෙන කෙදිරිලි සද්ද වලට ඇහුන්කම් දෙන්නද , තමන්ගෙ වුල්ෆ් ඇග ඇතුලෙ ඉදන් සතුටින් දගලන එක අවදානෙ දෙන්නද එහෙමත් නැත්තන් තමන්ගෙ ඇස් දිහා බලන් ඉන්න ඒ ගිනිගන්න ඇස් දිහා බලාගෙන ඉන්න එකද තමන් කරන්න ඕනි කියන එක ගැන මකියට පැහැදිලි අදහසක් තිබ්බෙ නෑ...

මේක සම්පූර්නෙන්ම ආගන්තුක හැගීමක් , ආගන්තුක සිද්ධීන් ටිකක්...

" මකියා මෙහාට එන්න.."

ජින්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් මකියව තමන්ගෙ තුරුලට ඇදලා ගනිද්දි මකියත් පරඩැල වගේ ඒකට අවනත උනේ තමන්ගෙ මේට්ගෙ ඇස්වල තමන්ට තියෙන අකමැත්ත නිසා හිත රිද්දගෙනමයි...

කවුරුවත් කතා කරන්න කලින්  ජින්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් මකියවත් එක්කන් එතනින් ගියා.  ආයෙ කැෆේ එක ලගට එක්කන් එනකම්ම කවුරුවත් එක වචනයක්වත් කතා කලේ නෑ... කවුරුවත් එතන තිබ්බ නිශ්ශබ්දතාවය බිදින්න හැදුවෙත් නෑ...

" මකියා .ඔයා ඇතුලට යන්නකො...මම කාර් එක පාක් කරලා එන්නම්..."

හිමීට ඔලුව වනපු මකියා කැෆේ එක ඇතුලට ගිය ගමන් වොශ් රූම් එකට රිංගගත්තා...

-මකියා....මේට්-

" කට වහගන්නවා!!! මේට්...මේට්...මේට්... මට දැන් මේ වචනෙ එපා වෙලා... දැක්කෙ නැද්ද ඒ මනුස්සයගෙ ඇස් වල මං වෙනුවෙන් තිබ්බ වෛරෙ...ඒ මනුස්සයා මාව පුච්චලා දාන්න වගේ බලන් හිටියෙ...

මුලින්ම මගේම පව්ලෙ අය මාව පැක් එකෙන් එලියට දැම්මා ...ඒකත් මට අවුරුදු හයක්වත් නැති වෙද්දි ඊට පස්සෙත් මම අමාරුවෙන් මේ වෙනකන් ජීවත් උනා...දැන් මේට් කියලා මනුස්සයෙක් ගැන මගේ වුල්ෆ් කියවන්න අරන්...

ඒත් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ මනුස්සයා මට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා.."

මකියගෙ වුල්ෆ් කිසිම දෙයක් නොකියා නිහඩ වෙද්දි මකියගෙ ඇස් වලින් කදුලු බින්දුව දෙක බේරෙන්න ගත්තා... ඒක දුකටවත් බයටවත් නෙමෙයි... කේන්තියට..තමන් ගැනම තිබ්බ කේන්තියට...

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now