CHAPTER - 18

365 104 82
                                    

" ආහ් !!!ලූනා..මගේ ඇග රිදෙනවා~~~"

මකියා කෙදිරිගාගෙනම එයාගේ වම් ඇහැ යන්තම් ඇරගත්තා...

" අහ්හ්!! වේ...මගේ අනිත් ඇහැ ඇරගන්න බැරි !!! "

මකියට එතකොට තමයි තේරුනේ එයාගෙ මූනෙ දකුනු පැත්තෙ කාගෙහරි මූනකට යටවෙලා කියලා...ඒ වගේම එයාගේ ඉනේ වටේ තිබ්බ අත්දෙකක් වගේම මකියගෙ ඇග උඩ තිබ්බ කකුලක් දැක්ක වෙලේ තමයි මකියගෙ හාට් එක එක තත්පරේකට නැවතුනේ...

ඇහැ කොනකින් ඒ හිටියෙ ජිමින් කියලා දැක්කත් මකියගෙ මූව්ස් එයාට වඩා ඉක්මන් උනා... මකියා ජිමින්ගෙ ඇත් දෙක එයාගෙ ඉනෙන් නිදහස් කර ගත්ත ගමන් ජිමින්ගෙ බඩට කකුල් තියලා ජිමින්ව ඇදෙන් පහලට තල්ලු කලා...ඒකෙන් ජිමින්ව ඇදේ එක පැත්තකින් බිමට වැටෙද්දි  මකියට ඇදේ තව පැත්තකින් ඇදෙන් බිමට වැටුනා...

හරියට ඇහැරිලාවත් හිටපු නැති ජිමින් එක පාරට වටපිට බලද්දි මකියා බිම වැටිලා හිටියෙ උඩුබැලි අතට..

එකපාරටම සිද්ද වෙච්ච දේ නිසා දෙන්නම හිටියෙ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව....

ඒත් මකියගෙ කන ලගින් වැටුන හැන්දක් නිසා මකියා එයා හිටපු විදියටම සද්දෙ ඇහුන පැත්ත දිහා බැලුවා...

එතකොට තමයි මකියා දැක්කෙ නයිට් ස්ටෑන්ඩ් එක ලග ලොකු කෑම ට්‍රේ එකකුත් අතේ තියන් ඉන්න ජීසොන්ව...ලොකු බෑග් එකකුත් එක්ක ඉන්න ගෑනුලමයෙක්ව ඒ ගෑනුලමයගෙ එහා පැත්තෙන් හිටගෙන ඉන්න මිසිස් පාර්ක්ව... කාමරේ පිරිසිදු කරන දේවලුත් අතේ තියන් ඉන්න ඔමේගල තුන්දෙනෙක්ව ... ඒ හැමෝම ගල් වෙලා ජිමිනුයි මකියයි දිහා බලාගෙන ඉද්දි මකියා ඉක්මනට නැගිටින්න හැදුවත් ඒ වෙද්දිත් මකියා ලගට ඇවිත් හිටපු ජිමින් මකියව උස්සලා ඇදෙන් තිබ්බා...

" ගුඩ්මෝනින් ඔම්මා..."

ජිමින් මොනවත් උනේ නැති ගානට මකියගෙ කාමරෙන් හිමීට ලිස්සලා යද්දි ඇස් ගොඩක තිබ්බ ප්‍රශ්නාර්ත ලකුනු ගොඩකට මකියා මැදිඋනා...

" ඔහ්...ගුඩ්මෝනින් මකියා... ඔයා කන්න කලින් අපි වොශ් එකක් දාලා ඉමු ...එතකොට ඩොක්ට කන්ග්සෝට පුලුවන් ඔයාගේ තුවාල ටිකට බෙහෙත් දාන්න "

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now