CHAPTER - 17

382 104 69
                                    

" මිස් මින්... මෙච්චරද ෆයිල්ස් තියෙන්නෙ ... "

" තව ෆයිල්ස් කීපයක් සයින් කරන්න තියෙනව මිස්ට පාර්ක්...ඒත් තාම ඒ ටික ලැබුනෙ නෑ...."

ජිමින් මිසිස් මින් දිහා බලලා ආයෙමත් එයාගේ ඉස්සරහා තියෙන ෆයිල් ටික දිහාට ඔලුව හරවගත්තා....

ඒත් වැඩි වෙලාවක් ජිමින්ට ඒ විදියට ඉන්න උනේ නැත්තෙ ජිමින්ගෙ ඔෆිස් එක ඉස්සරහම මොකක් හරි දෙයක් බිමට වැටෙනවා වගේ සද්දයක් ඇහුන නිසා....

" හරුයා !!! දෙයියනේ "

මිසිස් මින් ජිමින්ගෙ ඔෆිස් ඩෝ එක ලග සිහිය නැති වෙලා වැටිලා හිටපු ගෑනුලමය ලගට දුවගෙන ගියා...

" හරුයා !!! මාව ඇහෙනවද... හරුයා !!! මිස්ට පාර්ක් ඇවිත් උදව් කරන්න !!! "

ජිමින් ඉක්මනට මිසිස් මින් ලගට ගිහින්  හරුයව ඔෆිස් එකේ තියෙන සෝෆා එකකින් හාන්සි කලා...

" හරුයා !!! කෝ ඇස් අරින්න ... "

මිසිස් මින් හරුයගෙ මූනට වතුර ඔහින ගමන් හරුයව ආයෙ ඇහැරවන්න ට්‍රයි කලා...

ටිකකින් හරුය හිමීට ඇස් ඇරියත් මිසිස් මින්ව දැක්ක ගමන් හරුයා ඇස් දෙකේ කදුලුත් පුරවන් අඩන්න ගත්තා...

" හරුයා... අපි ඉන්නෙ මිස්ට පාර්ක්ගෙ ඔෆිස් එකේ...අපි එලියට ගිහින් කතා කරමු නේද ? ම්ම්ම් "

හරුයා ජිමින් දිහා නොබලම මිසිස්
මින් කියපු දේට එකග උනා...

" හරුයා අද ලීව් එකක් ගත්තට කමක් නැහැ...මිසිස් මින් ඒ ගැන පොඩ්ඩක් බලන්න...ඊට පස්සෙ ආයෙ මගේ ඔෆිස් එකට එන්න..."

මිසිස් මින් ඔෆිස් එකෙන් ගියපු ගමන් ජිමින් ආයෙමත් එයාගේ පුටුවට බර උනා... ඔෆිස් එකේ වැඩත් එක්ක හුගක් බිසී නිසා කලින් දවසෙත් ගෙදර යන්න බැරි ජිමින්ට බැරි උනා....

ඔක්කෝටමත් වඩා මකියට දැන් කොහොමද කියලා දැනගන්නත් වුවමනාවක් ජිමින්ට තිබ්බෙ නැතුවම නෙමෙයි...

හවස මිස්ට චෙන් එක්ක මීටින් එකකුත් තියෙනවා කියලා මතක් උනාම ජිමින් එහෙම්ම එයාගේ ඇස් දෙක පියාගත්තා ....

ඔෆිස් ඩෝ එකට තට්ටු කරපු මිසිස් මින් ආයෙමත් ඔෆිස් එක ඇතුලට ආවා....

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now