🌧 Chapter 1

448 67 6
                                    

" ජීහො යාහ්... පිස්සුද ඔයාට.... "
" වැස්සෙ තෙමෙන්නෙ නැතුව මෙහාට එන්න...! "

සීතල වැහි බිංදු මගෙ උණුසුම් අත්ල උඩට වැටෙද්දි ඇඟට දැනුන අමුතු හිරිය එක්ක හිතට ආපු හැඟීම් ගොන්න වචනෙන් විස්තර කරන්න බැරි තරම්.

ටේබල් එකේ ඉඳගෙන හිටපු සෝල් මට කෑ ගැහුවෙ කැෆේ එකේ වෙන මිනස්සු ඉන්නවා කියලාවත් හිතලා නෙවෙයි. එහෙම කෑගහන එක එයාගෙ පුරුද්ද.

" එයාට ඉන්න දෙනවා සෝල්..."
මම සෝල්ගෙ කතාව නෑහුන ගානට රූෆ් එක දිගේ පහළට ආපු වතුර පාරට අත දීගෙන හිටියෙ යුන් එහෙම කියද්දි.වැස්ස නිසා එළියට යන්න බැරි වුණ හින්දා වැස්ස පායන කන් අපි කැෆේ එකට වෙලා හිටියා.

යුන් අපි තුන් දෙනාටම කැපචිනෝ ඕඩර් කරලා තිබුණත් කැපචිනෝ එකට වඩා මගෙ අවදානෙ තිබුණෙ වැස්ස ළඟ.

වැස්ස....මගෙ හිත සුවපත් කරන පුළුවන් එක වේදනා නාශකයක්...
ඒත් නොහිතපු විදිහට ඒ වැස්ස නිසාම අද මම විඳවනවා.

වැස්ස....
ඔව් මේ ලස්සනට ඇදහැලෙන වැස්ස නිසා.....

මේ වගේම රෑ වැස්ස දවසක,මේ තැනදිම තමයි අපි මුණ ගැහුණෙ....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now