🌧 Chapter 12

140 59 8
                                    

අතරින් පතර මගෙ ඇස් ඇරෙනකොට මට දැනුණා ශක්තිමත් අතකට මගෙ අත මැදිවෙලා තියනවා කියලා.ඒත් ඇඟෙන් දැනුන වේදනාව නිසා ආයෙත් මගෙ සිහි නැති වෙනවා වගේ දැනුණත් මට මතක් වුණේ දවසක් මම ඔමොනිට කියපු දෙයක්.

" දවසක බැරි වෙලාවත් මම මැරුණොත්, මගෙ ඇඟේ පාවිච්චි කරන්න පුළුවන් හැම දෙයක්ම ඒවා නැති කෙනෙකුට දෙන්න..."
එවෙලෙ ඔමොනි නරක දේවල් කියනවා කියලා මට බැන්නත් සමහර විට මට ඕන වුණ දේ එයාලා කරයි.නොදැනිම මගෙ මූණට හිනාවක් ඇවිත්...

*****

Taehyung POV

" ජීහෝ-යා........! "
මගෙ ඇස් ඉස්සරහම එයා වේගෙන් ආව ට්‍රක් එකක වැදිලා අඩි දහයක් විතර ඈතට විසික් වුණේ සිහි නැතුවමයි.

" ජීහෝ-යා නැගිටින්න...මොකද මේ....? චේබල්....!"
මම බිම දණ ගහගත්තෙ එයාව මගෙ ලඟට ගන්න ගමන්.මූණට තට්ටු කර කර එයාට කතා කරත් කිසිම හෙල්ලීමක්වත් නොවුණ තැන එයාගෙ අතකුත් පහලට කඩාගෙන වැටුණෙ මාව තවත් බය කරවලා.

" අනී..ජීහෝ.....!"
සෝල් එහෙම කියලා ඇස් වලට කඳුළු පුරව ගන්නකොට මම ජීහෝව උස්ස ගෙන නවත්තනලා තිබුණ ඒ ට්‍රක් එකටම දාගත්තෙ ඉක්මනටම හොස්පිට්ල් එකට නොගියොත් එයාගෙ ජීවිතේ බේරගන්න බැරි වෙන නිසා.

යුන් සෝල් එක්කම හොස්පිට්ල් එකට ආවාට පස්සෙ එයාව ට්‍රොලි එකක දාගෙන ICU රූම් එකට අරගෙන ගියෙ මම එලියෙන් නතර වෙනකොට.ළඟ තිබුණ පුටුවකින් ඉඳගත්ත මම එයාගෙ ලේ ගෑවිලා තිබුණ අත් දෙක දිහා බලාගෙන හිටියෙ බොඳ වුණ ඇස් වලින්.

මම අඬනවද?....
ඔව් මම අඬනවා....
මගෙ එකම ආදරේ වෙනුවෙන්....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now