🌧 Chapter 7

138 59 2
                                    

අද සෝල් ස්කූල් ආවෙ නෑ.යුනුයි මමයි තනියම.රියා ඇවිත් යුන්ව එක්ක ගියෙ නිම් කෙනෙක් කියපු වැඩකට.යුනුයි රියායි යාලුවො.ඉතින් ඒක නිසා ඒ දෙන්නා ළඟ වැඩ දුරක් නොතිබුණ හින්දා රියාගෙ දේවල් ගැන යුන් දැනගෙන හිටියා.

මම ඉඳගෙන හිටපු ඩෙස්ක් එකෙන් ඔළුව තියාගෙන ක්ලාස් එකේ දොර දිහා බලාගෙන හිටියෙ කිසිම හැඟීමකින් නෙවෙයි.ඒත් ක්ලාස් රූම් එක ගාවින් ගියෙ මට හුරු පුරුදු ඇස් දෙක...

කවදාවත් නැති අමුතු රිද්මයකට හදවත ගැහෙන්න ගත්තෙ තප්පර කිහිපයක් යනකනුත් ඒ ඇස් මගෙ ළඟම තිබුණ නිසා.ටිකකින් එයා ක්ලාස් එක පහු කරන් ගියහම මම හිමීට ඇස් පියාගත්තෙ සද්දෙට ගැහෙන හදවතේ සද්දෙට කන් දෙන ගමන්...

මටත් නොදැනිම මගෙ කටට හිනාවක් ඇවිත් තිබුණෙ ඒ කාන්දම් ඇස්වල අයිතිකාරයා ගැන කල්පනා කර කර මම හිතන දේවල් ගැන.රෑට රෑට කොට්ටෙ බදන් මම තනියම හිනාවෙන තරම් දන්නෙ මමයි මගෙ කොට්ටෙයි විතරයි.

" මොකද මේ තනියම හිනා වෙන්නෙ?"
මට ඇහුණෙ යුන්ගෙ කටහඬ.එක පාරට ඇස් ඇරලා පුටුවෙ පස්සට වුණ මන් දිහා බලන් යුන් හිනාවෙන්න ගත්තා.

" ආ..මේ..මේ..."
මම ගොත ගැහුවෙ ඔළුවත් අතකින් කහන ගමන්.මගෙ මෝඩ වැඩ වලට හිනා වුණ යුන් හුස්මක් පිට කරලා මැණික් කටුව ගාවටම දිගට දාලා තිබුණ ෂර්ට් එක නවන්න ගත්තා.
ආයෙත් මම ඔළුව තියාගත්තෙ ඔළුවට වඩා හිත බරයි වගේ දැනෙද්දි.

මට කවදාවත් දැනිලා නෑ මෙහෙම හැඟීමක්....
ඉතින් මේ ආදරේද?...
මම එයාට ආදරෙයිද?....
මම දන්නෑ....
මොකද මම ඒ කාන්දම් ඇස් වලට ආකර්ෂණය වෙලා....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Onde histórias criam vida. Descubra agora