🌧 Chapter 11

131 58 3
                                    

එයා හිටියෙ ජීහො එක්ක.ජීහො හිටියෙ එයාව පිටිපස්සෙන් බදාගෙන.මම පන්තිය ඇතුළට යනවත් එක්කම එයා කලබල වුණේ මොහොතකට ඒ මම කියලා දැකලා ඒ ඇස් ගැස්සෙනකොට.ඒ ඇයි කියන්න මම දන්නෑ.

හරි ඉක්මනට කඳුළු පිරුන ඇස් මට එයාගෙන් හංගන්න ඕන වෙනකොට යුන් අල්ලන් හිටපු අත අතෑරලා මම පන්තියෙන් එළියට දිව්වෙ එයාගෙ ගැඹුරු කටහඬ මට ලාවට වගේ ඇහෙනකොට.

බිල්ඩින් එකෙන් එළියට එද්දිම වගේ හයියෙන් වැස්සක් වහින්න ගත්තෙ වැස්සත් එක්කම මගෙ ආදරේ අමතක කරලා දාන්න කියන්න වගේ.ඒත් මට එහෙම කරන්න ඕනෙ නෑ.

මගෙ පස්සෙන් තව අඩි සද්දවල් ඇහෙනකොට මම වැස්සෙම ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට දුවගෙන ගියෙ මට තනිවෙන්න ඕන වෙලා තිබුණ නිසා.ඉතින් වැස්සෙන් මාව තෙමුණා කියලා මට කිසි ගාණක් නෑ.

ඒත්.....









එකපාරට ලොකු හෝන් සද්දෙකුත් එක්ක ලොකු එලියක් මගෙ පැත්තට ආවෙ මට සිහි නැති වෙනකොට වගේම තව කවුරු හරි මගෙ නම කියලා හයියෙන් කෑගහනකොට.

ඉතින් මට හැමදාම හිතුන දේ අද ඇත්තක් වෙලා.කාන්දම් ඇස් මගෙම කරගන්න ඕන වුණත් ඒ ඇස් ඇස්වලට දැන් අයිතිකාරියෙක් ඉන්නවා.ඉතින් මම අදින් පස්සෙ පාඩුවෙ ඉන්නම්...

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️حيث تعيش القصص. اكتشف الآن