🌧 Chapter 10

151 57 4
                                    

" මොකද ජීහෝ..අද මූණත් සුදුමැලි වෙලා...ම්ම්...මොකක් හරි අසනීපයක්ද?"

" අහම් නෑ...අද උදේට කෑවෙ නෑ මම.ඒක වෙන්න ඇති..."
පුටුවකට බර වෙලා හිටපු මගෙන් සෝල් ඇහුවෙ මගෙ ඔලුවත් අතගාන ගමන්.මම ලොකු හුස්මක් පිට කරලා ඩෙස්ක් එකෙන් ඔලුව තියාගත්තෙ ඇඟට පණක් නෑ වගේ දැනුණ නිසා.ඊට පස්සෙ යුනුයි සෝලුයිත් මට කරදර කරන්න නොගියෙ මලානික බවක් මගෙ මූණෙන් පෙනුන හින්දා වෙන්න ඇති.

*****

" යාහ්...කෝ මගෙ වතුර බෝතලේ..!?"
මම කෑගහන්න ගත්තෙ මට අමාරු නිසා යුනුයි සෝලුයි මහ ලොකුවට මගෙ පොත්,බෑග් සේරම උස්ස ගත්තාට වතුර බෝතලේ ගෙනල්ලා නැති හින්දා.

මම කියනකොට මූණට මූණ බලාගත්ත දෙන්නා ආයෙම මෝඩ හිනාවක් දැම්මේ මම ඉනටත් අත් දෙක තියාගෙන බලන් ඉන්නකොට.

" මම ගිහින් අරන් එනකන් ඔතනම ඉන්නවාලා..!"

" ඉන්න.මාත් එනවා..."
මම ආයෙම පන්තියට යන්න හදනකොට යුන්ත් මාත් එක්ක ආවෙ මම තනියම නිසා වෙන්න ඇති.උස්සගෙන හිටපු සේරම දේවල් සෝල්ට පටවලා යුන් මාත් එක්ක පන්තියට ආවා.

" ඔප්පා....මම ඔයාට ආදරෙයි.චේබල්...මට මෙහෙම කරන්න එපා...!"
පන්තිය ඇතුළට යනකොටම මට ඇහුණෙ ඒ වචන ටික.ඇත්තටම මට හිතුනෙ මට ඒ දේ නෑහුනා නම් නොදැක්කානම් කියලා.

මගෙ පස්සෙන්ම පන්තිය ඇතුළට ආව යුන් ඒක දැකලා මගෙ අතින් අල්ලගත්තෙ මගෙ ඇස්වල ගොඩ ගැහිලා තිබුණ කඳුළු දැකලා වෙන්න ඇති.

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now