🌧 Chapter 8

146 61 4
                                    

සෝල් තනියම ආදරේ කර කර මෙච්චර දුක් විඳිනවා දැක දැකත් මම ඒ හූඩි කොල්ලාව තෝරගත්තෙ ඇයි කියලා මම දන්නෙ නෑ.සමහර විට සෝල්ට වුණ දේ මට වුණා නම් මම එයා ගැන නොහිතා ඉන්න උත්සහ කරාවි....

කෙල්ලෙක්ව පිස්සෙක් කරන්න ඇස් දෙකකට පුළුවන් වුණා කිව්වොත් හරි.මේ ටික දවසට මගෙ හිත ගොඩක් වෙනස් වෙලා.මගෙ හිත ඉල්ලන්නෙම ඒ ඇස් දෙක.

මට විශ්වාසයි..
මම දැන් එයාට ආදරෙයි.....

" යාහ් ජීහො.... මොකද මේ? ලව් සික්ද? ආහ්..."
මගෙ පරණ සෝල් ආයෙ ඇවිත්.සමහර විට එයා ජන්කුක්ව අමතක කරන්න ඇති.හිත පාරන්න ඕනෙ නැති නිසා ආයෙත් ජන්කුක් ගැන සෝල් එක්ක කතා නොකර ඉන්න මම තීරණේ කරා.සෝල් ඇවිත් උරහිසෙන් අල්ලලා මාව හොල්ලනකොට තමයි මම මනෝ ලෝකෙන් එළියට ආවෙ.

" මේ දවස් ටිකේම වෙන සිහියක..."
" මම දැක්කා ටේහියුන් ඔප්පා දිහා කන්න වගේ බලන් ඉන්නවා.."

" එතකොට එයාගෙ නම ටේහියුන්ද?...."
යුන් හූඩි කොල්ලාගෙ නම කියනකොට පාලනයක් නැති හිතට ඕන විදිහට මගෙ කට ඉස්සර වුණා.වැඩේ අතේ මාට්ටු වුණ හින්දා සෝල්ටයි යුන්ටයි මෝඩ හිනාවක් දැම්මෙ වෙන කරන්න දෙයක් නැති හින්දා.

" ඔයා එයාට කැමතිද ජීහො-යා.."

යුන් නම් හිනා වෙවී හිටියත් සෝල්ගෙ මූණ අවුල් වෙලා තිබුණෙ.වචනයක්වත් කතා නොකර මම ඔළුව වැනුවෙ බිම බලන්.මොකද මම දන්නවා තනියම ආදරේ කරලා සෝල් විඳවපු තරම.

" ආදරේ කරාට කමක් නෑ.ඒත් අතාරින්න බැරි තරම් ආදරේ කරලා මන් වගේ විඳවන්න එපා.ඔයාට ගොඩක් දුක හිතෙයි.."
එහෙම කියලා මගෙ ඔළුව අතගාපු සෝල් හුස්මක් පිට කරලා ඩෙස්ක් එකෙන් ඉඳගත්තා.යුන්ත් ඇස් දෙකෙන් හරි කිව්වෙ කිව්වෙ මගෙ අතත් තද කරලා මිරිකලා.

ඔය දෙන්නා...
මට හම්බුණ වස්තුවක්....
මගෙ දුකේදි වගේම සතුටෙදිත් මාව මගනොඇරපු සහෝදරයො දෙන්නෙක්...
නෑ...සහෝදරකමටත් එහා ගිය බැඳීමක් ඒක....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now