🌧 Chapter 4

157 64 5
                                    

" යුන්-යා...අද ආවාත් පුදුමයි...සති දෙකකට විතර පස්සෙ නේද? "
ස්කූල් ගේට් එකෙන් ඇතුළට එනවා දැකපු යුන්ගෙ ඇඟේ ගිහින් මම එල්ලුනේ එයා ස්කූල් ආව සතුටට.සාමාන්‍යයෙන් වැඩිය හිනා වෙන්නෙ නැති යුන්,මම කෑගහලා අත වනනකොට ඈත තියාම හිනා වුණා.

" යාහ්..පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා.ළමයිනුත් බල බල යනවා...!"
හිනා වෙවී එයාගෙ අතේ එල්ලිලා ඉන්නකොට යුන් කිව්වෙ එහෙම.සෝලුත් යුනුත් හැමදාම වගේ කියන වචන පේළිය ඕක.

" අනේ ඉතින් මට මොකද...!"

" පිස්සු කෙල්ල..."
මම එහෙම කියලා හිනා වෙනකොට යුන්ත් මගෙ කොණාඩෙ අවුල් කරලා හිනා වුණා.පස්සෙ මම යුන්වත් ඇදගෙන ක්ලාස් එකට ගියෙ ස්කූල් බෙල් එක වදිනවා ඇහුන සද්දෙට.

*****

පීරියඩ් ගාණකට පස්සෙ හම්බුණ ඉන්ටවල් එක හින්දා මම සෝල්වයි යුන්වයි දෙන්නාවම ඇදගෙන කැෆටේරියා එකට දිව්වෙ මම ගොඩක් බඩගින්නෙ හිටපු නිසා.කෑම ප්ලේට් ගෙනත් ටේබල් එකකින් ඉඳගත්තාට පස්සෙ සෝල් කියවන්න ගත්තෙ අර කොල්ලා ගැන.

" ඇයි මේ නොදන්න කෙනෙක්ට තනියම ආදරේ කරන්නෙ? එයා දන්නෑ ඔයා එයාට ආදරෙයි කියලාවත්..."

" යාහ්...මෝඩි.ඒකට තමයි ආදරේ කියන්නෙ..."
ඉදගෙන හිටපු පුටුවට බර වෙලා  ජූස් බිබී හිටපු බීම බටේ තොල් අතරට තද කරගෙනම මම සෝල්ගෙ කතාවට ඇහුම්කන් දුන්නා.

මට එහෙම කියලා සෝල් ප්ලේට් එකේ තිබුණ බර්ගර් එක අරන් කෑල්ලක් කෑවෙ රස බලන ගමන්.යුන් හිටියෙ පාඩුවෙ ඉදගෙන ෆෝන් එක දිහා බලාගෙන.

" යුන්...කන්නෙ නැද්ද? "

" මට කන්න බෑ.ඔයාලා කන්න..."
එහෙම කියලා ආයෙ ෆෝන් එක දිහා බලාගත්ත යුන් දිහා මම ටික වෙලාවක් බලාගෙන හිටියෙ මේ කෙල්ල මෙහෙම නොකා නොබී ලෙඩක් හදාගනියි කියලා.

" අර හාවා අද ඇවිත් නෑ වගේ.මම නම් දැක්කෙම නෑ.."

" ම්ම්ම්..එයා එක්ක ඉන්න අනිත් ඔප්පා නම් හිටියා.ඒත් එයා නෑ...ඔය එන්නෙ කියනකොටම "
මම අහනකොට උත්තර දීපු සෝල් ඇස් දෙකෙන් පෙන්නුවෙ කෑම ප්ලේට් එකකුත් අරගෙන ටේබල් එකක් ළඟට යන කොල්ලෙක්ව.

ඒ අර හූඩි කොල්ලා....!

මම ඒ පැත්ත හැරෙනකොට ඒ තියුණු ඇස් මගෙ දිහාට හැරිලා තිබුණා.මම ඒ ගමන්ම වෙන පැත්තක් බලාගත්තෙ කවදාවත් නැති ලැජජාවක් හිතට දැනුණ නිසා.

ඒත්...
ඒ ඇස් ලස්සනයි...
හරියට කාන්දම් වගේ....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now