🌧 Chapter 3

188 60 9
                                    

" ඌහ්....දාඩියට එයාව දිලිසෙනවා..."
එදා සොන්සෙන්නිම් ක්ලාස් රූම් එකෙන් එළියට ගියාට පස්සෙ මම හිටියෙ ඩෙස්ක් එක උඩ හැමතැනම විසිරිලා තිබුණ මගෙ පෑන්,පැන්සල් එකතු කරන ගමන්.

අතේ තිබුණ පොත් ටිකත් බෑග් එකට දාලා මම සෝල්ගෙ කටහඬට කන් දුන්නෙ අපේ ක්ලාස් රූම් එකට එහායින් පේන වෙන ක්ලාස් රූම් එකක් දිහා බලන ගමන්.

ඒ ක්ලාස් රූම් එකේ ජනේලෙ ගාව හැන්ඩ්සම් කොල්ලෙක් වතුර බෝතලේකින් වතුර බොන විදිහ සෝල් හිටපු තැනට හොඳට පෙනුනා.බාස්කට් බෝල් කිට් එකේ අත් නැති නිසා මසල්ස් වැඩුණ අත් කැපිලා පෙනිලා තිබුණෙ ඉර එළියත් ඒකට උදව් වුණ හින්දා.

" යාහ්...සෝල්, මෙහාට ඇවිත් ඉඳගන්නවා.නිම් එනවා..."
ජනේලෙන් පේන කොල්ලා දිහා බලන් හීනෙන් වගේ කියව කියව හිටපු සෝල්ව මම ඇදලා අරන් ඩෙස්ක් එකෙන් ඉන්දෙව්වෙ නිම් ඇවිත් කෑගහනකනුත් එයා එතන හිටගෙන ඉඳියි කියලා බයට.

" අද යුන්ත් නැතුව පාළුයි.."
ඩෙස්ක් එකට බර වෙලා කම්මුලට අත තියන් කම්මැලි කමෙන් පාඩම අහගෙන හිටපු සෝල් කියනකොට මම ඔළුව වැනුවා.යුන් ඉස්කෝලෙ එන එක හරිම දුර්වලයි.ඒකට හරි හමන් හේතුවක් එයා නොකිව්වත් මම දැනගෙන හිටියා එයා ඉන්නෙ ප්‍රශ්නෙකින් කියලා.

ප්‍රශ්නෙ මොකක්ද කියලා අහන්න ඕන වුණත් මම හැමදාම කටවහගෙන ඉන්නෙ ඒකෙන් එයාගෙ හිත රිදෙයි කියලා.එයා මට ඒ ප්‍රශ්නෙ කිව්වත් නැතත් යුන්ට ඕනම තැන් වලදි එයා එක්කම ඉන්නවා කියලා මම හිතාගත්තා.මොකද එයා ගොඩක් හොඳ යාළුවෙක්.

" ම්ම්ම්..."
එහෙම කොඳුරපු මම ඊළඟට බැලුවෙ අර කොල්ලා හිටපු ක්ලාස් රූම් එක දිහා.ආයෙත් ස්කූල් යුනිෆෝම් එක ඇඳලා එයා ක්ලාස් එකේ ඉඳගෙන මොකක් හරි දේකට හිනා වෙවී හිටියෙ.

ඒ එක්කම එයාට එහා පැත්තෙ පුටුවෙ ඉඳගෙන හිටියෙ මට දැකලා පුරුදු මූණක් තිබුණ කෙනෙක්.එයාව මම කලින් අපේ ස්කූල් එකේ ඉන්නවා දැකලා තිබුණෙ නෑ.ඒත් දැක්කෙ කොහෙදිද කියලා එකපාරට මතක් නොවුණත් මට එයාව පුරුදුයි.

ඔව්..මට මතක් වුණා...
ඒ එදා රෑ වැස්ස දවසෙ මම දැකපු හූඩිය දාගත්ත පිරිමි ළමයා...

මට නොතේරෙන එක දෙයක් !
ජීවිතේ සමහර සිද්ධීන් ඇයි මෙච්චරට අහඹුවක් වෙන්නෙ..?
මට ඒක තාමත් ප්‍රශ්නයක්...!
සමහර විට එදා රෑ නොවැස්සා නම් අද දවස මීට වඩා වෙනස් වෙයි.
ආදරේ කියන්නෙ විහිළුවක් කියපු මතේම මම තාමත් ජීවත් වෙයි.

ඒක බොරුවක් කළේ එයා....

ඒ නම නොදන්න පිරිමි ළමයා.....!

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now