🌧 Chapter 13

131 61 2
                                    

" ඩොක්ටර් එයාට මොකද? "
ICU එකෙන් ඩොක්ටර් එළියට එනකොටම එයා ගාවට දුවපු සෝල් ඇහුවෙ එහෙම.

" එයා හොඳින්.ඒත්....."

" ඒත් කියන්නෙ ඩොක්ටර්????"
මම අහනකොට ඩොක්ටර් දාගෙන හිටපු මාස්ක් එක ගලවලා දිග හුස්මක් පිට කරා.

" එයාගෙ ඔළුවට ගොඩක් ඩැමේජ් වෙලා තියනවා.තාම හරියට කියන්න බෑ.සමහර විට අවම මාසයක්වත් එයා කෝමා එකක ඉඳීවි..! "

" මොකක්...!!! "
ඒ එක්කම අපේ පිටි පස්සෙන් ඇහුනෙ ගෑනු කෙනෙක්ගෙ සද්දයක්.ඒත් ජීහොගෙ ඔමොනි.ඩොක්ටර් කියපු එක ඇහිලා එයා අඬන්න ගන්නකොට සෝල්,යුන් දෙන්නාම එයා ඛාවට ගියෙ ඔමොනිව ටිකක් සනසන්න වගේ.

ඩොක්ටර් එතනින් ගියෙ ICU එක ඇතුලට කාටවත් යන්න අවසර දෙන්නෙ නැතුව.පුටුවක ඉඳගෙන හිටපු මට දැනුණෙ හිත ගොඩක් බර වෙලා වගේ.ඒ එක්කම මාව ඇදිලා ගියෙ මාස ගාණක අතීතයට.

එදා හොඳටම වැහැපු දවසක මම මුලින්ම එයාව දැක්කෙ වැස්ස එක්ක සෙල්ලම් කරන චූටි ලමයෙක් වගේ.ඒ කම්මුල් තිබුණෙ සීතලට රෝස පාට වෙලා.

එදායින් පස්සෙ මම එයාව දැක්කෙ  අලුතෙන් ගිය ඉස්කෝලෙදි.හිත නොදන්න සතුටකින් පිරෙද්දි ඒක එයා ගැන කැමැත්තක් නෙවෙයි කියලා තේරුම් ගන්න මම මගෙ හිතත් එක්කම ගොඩක් රණ්ඩු කරා.ඉතින් මම පරාද වුණා....

ඒත් දැන්.....
මම නිසා එයා විඳවනවා....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now