🌧 Chapter 14

145 61 11
                                    

මාස දෙකකට පසු

" ඔ..ඔම්..මා..."
හීන් කෙඳිරිල්ලක් ඇහෙනකොට ඇඳ උඩින් ඔළුව තියාගෙන හිටපු මම නැගිට්ටෙ එතකොට.

ඔව් එයා නැගිටලා...මාස එක හමාරකට පස්සෙ...

දන්නවද මෙච්චර කල් මම කොහොමද ජීවත් වුණේ කියලා?
පිස්සෙක්ටත් අන්ත විදිහට...
ඒත් දැන් අපිට කිසිම බාධාවක් නෑ...
ඕනෙ ඔයා ආයෙම නැගිටින එක විතරමයි...
ඉතින් එතකොට සේරම හරි යයි...

" ජ්..ජීහො-යා...!"
මට ඉබේටම කියවෙනකොට එයා ඇස් ඇරියා.ඒත් ඒ ඇස් වල කිසිම හැඟීමක් නෑ.මම අල්ලන් හිටපු එයාගෙ අත දිහාත් බලලා එයා කියන්න ලෑස්ති වුණේ මොනවා හරි දෙයක්.

" ඔ..යා කවුද?.."
ඒ වචන දෙක ඇහෙද්දි මට හිතුනෙ මම මවපු හීන මාළිගා ලොකු වැඩියි කියලා.ඩොක්ටර් කිව්වත් සිහිය එනකොට මෙමරි ලොස් එකක් වෙන සම්භාවිතාවය අඩුයි කියලා.ඒත් දැන් ඒක සිද්ධ වෙලා.

" ම...මම...."
එතකොටම රූම් එක ඇතුලට ඔමොනි එක්ක යුන්,සෝල් ආවා.තුන් දෙනාම ජීහො ගාවට එනකොට මට දැනුනෙ වෙනමම හැඟීමක්.හරියට අසරණ වෙලා වගේ.

" ඔම්මා ..කවුද මෙයා? "

" එ..එයා...!"
ඔමොනි මගෙ පැත්ත බලන් ගොත ගහනකොට මම ඇස් දෙකෙන් කිව්වෙ මන් ගැන එයාට කියන්න එපා කියලා.

" ඒ ඔයාගෙ යාළුවෙක්.. !"

ඉතින් එච්චරයි නම් මම එතනින් නවතින්නම්....
ඒත් මට කියන්න ඕනෙ ආදරෙයි කියලා
ඒක ගැහෙන්නෙ ඔයා වෙනුවෙන්ම විතරක් කියලා
කියන්න කල් ගත්තාට සමාවෙන්න කියලා
හැම දේකටම සමාවෙන්න කියලා.....

𝖱𝖺𝗂𝗇 | 𝖪𝖳𝖧 | ✔️Where stories live. Discover now