••10•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

921 256 84
                                    

.
.
Continue ....... 🇰🇷...
.
.
යූන්ගි ආපහු ආමි හව්ස් එකට එනවත් එක්කම දැක්ක රූහි දුවගන කැබ් එක ඉස්සරහට එනවා.. යූන්ගි නතර කරල බහිනවත් එක්කම රූහි ඇවිල්ල යූන්ගිගෙ අතක එල්ලුනා...

Suga : යාහ්... මොකද මේ.. ?
කව්රුහරි බලන් ඇති.. 😬

Ruhi : ඉතිං මොකද මං අල්ලන්නෙ කාගෙවත් දෙයක්යැ... මගේ දෙයක්නෙ... 😌

Suga : ආහ්.. ඇත්තද මැඩම්...
කවද ඉඳංඳ එහෙම උනේ ආ... ? 😏

Ruhi : ඊයෙ ඉඳං 😌.

රූහි හරි ලස්සනට බෙල්ලත් එහාට මෙහාට ඇල කර කර කතා කරද්දි සුගාට කල්පනා උනේ ලිලී ගැන...

කවදහරි ජනාධිපතිතුමා මේක එලි කලොත් කී දෙනෙක්ගෙ ජීවිත විනාස වෙයිද... ?
කී දෙනෙක්ගෙ හිත් රිදෙයිද ??
ජීමින්ට නූනව නැති වෙනව.. ලිලීට පව්ලක් නැති වෙනවා... රූහිට එයාගෙ ජීවිතේ නැති වෙනව..

Ruhi : යූන්ගි ඇයි කල්පනා කරන්නෙ.. 🙄

Suga : මොකුත් නෑ යං ඇතුලට...
උදේ මාව හෙව්වද ? 😬

Ruhi : ම්ම්... ඕ... 😕...
ආය නොකිය ගිහිල්ල තිබ්බොත් ඔය පූස් කන් දෙකෙන් එල්ලනවා බාල්කෙ... 😒

Suga : 😅.. ආහ්.. බලමුකො.....

රූහි ගානක්වත් නැතුව සුගාගෙ අතේ එල්ලිලා කෑම කාමරේ දිහාවට ගියා..
ස්ට්‍රෙස් වෙලා උන්න සුගා කෝට් එක ගලවල අතට ගද්දි රූහි සුගාට වාඩි වෙන්න පුටුවක් ඇදල දුන්නා...

Suga " 🙄 ?? "

" ඉඳගන්න අපි කමු... " 😊

Suga " මිනීමරුවෙක් එක්ක කන්න බෑ කියල නොකා ගිය කෙල්ලද මේ ආ.. " 😏

ඒ වචනයක් කියන කියන ගානෙ කෙල්ලගෙ මූනෙ තිබුන ලස්සන හිනාව අතුරු දහන් වෙලා ගියේ ඇස් වල කඳුලු පිරෙද්දි...

Suga " ආහ්... රූහි මං ඒක විහිලුවට කිව්වෙ " 😐

Ruhi " ඔයාට ඕන මාව රිද්දන්නනම් ඒක කරන්න... ඔයාගෙ තරහ නැ.... නැති වෙනකල්......  🥺 "

Suga " අනේ අඬන්න එපා.. කෝ මෙහෙ බලන්න.. " 🙂

සුගා කෙල්ලගෙ මූන අත් දෙකට අරං මූනට එබෙද්දි ඒ තප්පර ගානට කෙල්ල හොඳටම අඬල ... කම්මුල් උඩින් බේරිලා යන කඳුලු ටික පිහල දාපු සුගා ටිකක් ලැජ්ජාවෙන් වට පිට බලල රූහිගෙ කම්මුලක් උඩින් චූටි හාදුවක් තියල පස්සට උනා....
කෙල්ල දිලිසෙන ඇස් දෙකත් බෝල කරගන සුගා දිහා බලද්දි එයා රතු වෙන්න ගත්තා..

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now