✨CHAPTER 03✨

79 9 50
                                        

"ඈඈඈඈහ් අම්මේ🔊"

"දෙයියනේ මාව බේරගනියෝ🔊"

..............✨..............

"හෑහ් මේ නෙතුලියගෙ සද්දෙනෙ.
ඒ බං උබ මොකද මෙතන කරන්නේ මේ මහ රෑ.."

"ආහ් දිලුවෝ කොහොමද ඉතිම්.😁 මං මේ.. මේ.. මේ පැත්තෙ පොඩි සද්දයක් ආවා ඒක බලන්න ආවේ."

"ආහ් ඒකද මේ උබ චොකලට් බෑග් එකත් තුරුල් කරගෙන ඉන්නේ.?"

"ආ.. ආහ්.. ආහ් ඒකද ආ ඒක මං ගත්තේ බැරි වෙලාවත් මේක හොරෙක් එහෙම උස්සන් ගියොත් ඒකයි.. ඔව් ඔව්."

"ආ ඇත්තද.? දැන් මං ඒක විශ්වාස කරන්න ඕනද.?🤨"

"හී නෑ නෑ ඇත්ත වශයෙන්ම කිව්වොත් මං මේ නිකන් ඇත්ත වශයෙන්ම මේ නිකන් මේ පොඩි සූටි චූට්ටන් කෑල්ලක් කාලා යන්න ආවේ."

"කෝ කෝ පෙන්නන්න බලන්න පොඩි සූටි චූට්ටන් කෑල්ල"

"අයියෝ හරි හරි බං මං හෙට උදේට කෑමත් හදල කිරිත් හදල ගේත් අස් කරන්නම්."

"ආන්න හරි ඔන්න ඔහොම එනව. හරි හරි දැන් පලයන් නිදා ගන්නව ගිහිල්ල."

"උබත් වරෙන් ඉතින් ඔතනට වෙලා ඉන්නෙ නැතුව.
ඒ බං සිරාවට උබ මොකටද දැන් මෙතනට ආවේ."

"ආ.. ආහ්.. ආහ්.. හාආආආආආආආආආආආ🥱 හම්මෝ හරිම නිදිමත යි. ගුඩ් නයිට් බං මං යනව නිදා ගන්න."
දිලූ ඇගේ හිරි කඩනව වගේ පොඩි action පාරක් දාලා හෙමීන් සැරේ එතනින් මාරු වෙලා ආවා.
නෙතුලියත් පොඩ්ඩක් වෙලා මොකද වුණේ කියලා කල්පනා කර කර ඉදල නිදාගන්න ගියා.

Next day Morning...

අද නම් දිලූ උදෙන්ම නැගිටලා ඉක්මනට wash එකක් දාගෙන කලින් දවසේ මැදල ඔෆිස් අදින්න කියල ලෑස්ති කරල තිබ්බ දිග කලු ට්‍රවුසර් එකයි, අත් දිග සුදු බ්ලවුස් එකයි ඇදගෙන, එයාගේ කලු පාට shoes දෙකත් දාගත්තා. නෙතුලි ය ලෑස්ති කරල තිබ්බ breakfast එකයි කිරි එකයිත් බීල, නෙතුලි එහා මෙහා වෙනකන් ඉදල හොරෙන් චොකලට් ටිකකුත් බෑග් එකට ඔබාගෙන ඉක්මනට ගෙදරින් එළියට පැන ගත්තා.

At The Office...

දිලූ ඔෆිස් එකට යනකොට බොසා ඇවිත් හිටියෙ නෑ. ඒක නිසා තව design කරන්න තිබ්බ ඇදුම් ටිකක් බලන්න ගත්තා.

දිලූ✨💜Where stories live. Discover now