✨ CHAPTER 06✨

58 9 55
                                        

අද අපි දෙන්නම සෝල් නගරය වටේම රවුමක් ගහන්න කියලා කතා වුණා. මොකද කිව්වොත් මට අනිද්දා ඉදන් මගේ අලුත් ජොබ් එකේ වැඩ පටන් ගන්න තියෙනවා නේ නෙතුලිට නම් හෙට ඉදන්ම යන්න වෙනවා. අනික ඉතින් මේ කොරියාවට ඇවිල්ල රවුමක් නොගහ ඉන්නේ කොහොමද.?
ඒක නිසා අපි උදේ 10.00 ට විතර අපාට්මන්ට් එකෙන් එලියට ආවා. මොනා වුනත් 9.30 වෙනකන්වත් නිදා ගන්නේ නැතුව ඉන්න බෑනේ. අපි breakfast ගත්තෙත් නැති නිසා අපේ අපාට්මන්ට් එක ලගම තිබ්බ පොඩි කඩේකට ගිහිල්ලා රාමෙන් පැකට් දෙකක් අරගෙන කෑවා.

 අපි breakfast ගත්තෙත් නැති නිසා අපේ අපාට්මන්ට් එක ලගම තිබ්බ පොඩි කඩේකට ගිහිල්ලා රාමෙන් පැකට් දෙකක් අරගෙන කෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක දැක්කත් හරි මගේ බඩ පිරුණා. ඒක නිසා තව රාමෙන් පැකට් විස්සක් තිහක් විතර ගත්තේ ගෙදර දී හැදෙන පොඩි බඩගින්නට කන්න කන්න හිතාගෙන😁 පුළුවන් නම් කඩේම ගන්නවා. අපි ඒ ටික ඉක්මනට අපාට්මන්ට් එකෙන් තියල ආවේ ඒ ටිකත් උස්සගෙන රවුම් ගහන්න බැරි නිසා.
අපි ඒ ටික තියල ඉක්මනට බස් ස්ටේශන් එකට ආවා. අපි ටිකක් වෙලාවක් එතන හිටියම එතනට නිල් පාට බස් එකක් ආවා. අපි එකේ නැගලා කොරියාවේ ජාතික කෞතුකාගාරය ට ආවා.

ඒක අපි හිතුවට වඩා ගොඩක් විශාලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක අපි හිතුවට වඩා ගොඩක් විශාලයි. ඒවගේම මාරම ලස්සනයි. මං කන්න වගේ ඒක දිහා බලාගෙන හිටියේ. පුදුමයක් නෑ.. නම්ජූන් ඔප්පත් මේකට මෙච්චර පිස්සු වැටෙන්න හේතුව දැන් තේරෙනවා. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමා ආමිලට නම්ජූන් ඔප්පගේ ඉන්ස්ටග්‍රෑම් එකට ගියාම දෙයියො බුදුන් සිහි වෙන්නෙ.
අපි දෙන්න කයිය ගගහ මුලු කෞතුකාගාරය වටේම ඇවිද්දා. ඊටපස්සේ වේලාව බැලුවම යි දැක්කේ 2.00 ටත් ලගයි කියල. ඉතින් අපි දෙන්න ෆොටෝස් ටිකකුත් අරගෙන ලන්ච් එක ගන්න කියල e-mart එකකට ගියා.

දිලූ✨💜Where stories live. Discover now