✨ CHAPTER 07✨

68 10 45
                                        

"ඒයි නැගිටහන් බං.. අද වගේ දවසක වත් උදෙන්ම නැගිටින්න බෑනේ උබට."

"හරි හරි නැගිටින්නම් බං."
හරි දැන් මෙතන මොකද වෙන්නේ කියල කිව්වොත් ඇත්ත වශයෙන්ම අද තමා මට පළවෙනි පාරට හයිබ් එකේ වැඩට යන්න තියෙන දවස. ඒත් මම තාම පස්සත් උඩ දාගෙන දොයි. ඒකයි ඔය නෙතුලි උදේ පාන්දරම කෑ ගහන්නේ. මම බොහොම අමාරුවෙන් ඇගේ හිරි ඇරලා නිදිමතේ ම වොශ්රූම් එකට ඇවිදගෙන ගියා. නින්දෙන්ම දතුත් මැදලා නින්දෙන්ම හොදට නාගත්තා. ඊටපස්සේ නම් නින්ද පොඩ්ඩක් අඩු වුණා. මං ඉක්මනට හෙයා ඩ්‍රයර් එකෙන් මගෙ වලස් තොප්පියත් වේළගෙන ඇදුම් ඇදගත්තා. ඒත් කරුමෙට ම මගේ සපත්තු දෙක නැති වෙලා.

"ඒයි නෙතුලියෝ මගෙ සපත්තු දෙක නැති වෙලා උබ ඒක කොහෙහරි තියෙනවා දැක්ක ද?"

"හොදට හොයල බැලුවද?"

"ඔව් යකෝ."

"ඇද යට බැලුවද?"

"ඔව් ඔව්."

"ආහ් පොඩ්ඩක් ඉන්න මේ මට මොනාහරි පෑගෙනවා වගේ."

"හම්බුනා ද?"

"ආහ් ඔව් ඔව් වරෙන් මේ කුස්සියේ තියෙන්නේ."

"ඒක කොහොමද බං කුස්සියට ආවේ."

"අනේ ඉතිම් මං කියන්නෑ. උබේ වැඩ තමයි. නැත්නම් ඕක පොඩ්ඩක් උස්සලා බලහං කකුල් දෙකක් වත් ඇවිල්ල ද කියලා."

"හී නෑ නෑ තාම නෑ."

"තාම නැද්ද මං උබ කියනකන් හිටියේ. හා හා ලෑස්ති වෙලා ඉවරනම් පලයන් දැන්."

"ඊට ඉස්සෙල්ලා මගේ කෙහෙල් කිරි එක ඕන."

"බොන්න අරගෙන. අර ෆ්‍රිජ් එකේ ඇති."
මං ෆ්‍රිජ් එකෙන් කෙහෙල් කිරි එකත් බීලා බඩු ටිකත් අරගෙන අපාට්මන්ට් එකෙන් ආවා.

මම හයිබ් එකට වෙනකන්ම පයින් ඇවිදගෙන ආවේ තව වෙලාව ඉතුරු වෙලා තිබ්බ නිසා.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
දිලූ✨💜Donde viven las historias. Descúbrelo ahora